නිවාස හා ගොඩනැගිලි මැදින් දිවෙන අපූරු දුම්රිය මාර්ගයක් චීනයේ චොන්ගුවින්ග් ප්‍රදේශයේ වේ.
එහි නිර්මාපකයින් පවසන්නේ දුම්රිය මාර්ගය සාමාන්‍ය පරිදි ඉදිකිරීමට ගියේ නම් මහල් නිවාස ඇතුලූ ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ කිරීමට සිදුවන නිසා මෙවන් පියවරක් ගත් බවයි.
දුම්රිය මාර්ගය ඇතැම් අවස්ථාවන්හි මහල් නිවාසයක් මැදින් දිවෙයි.එවන් මහල් නිවාස වල වෙනම තට්ටුවක් දුම්රිය නැවතුම් පළක් සඳහාද වෙන්කර තිබේ.
මේ දුම්රිය මාර්ගය නිසා ප්‍රදේශයේ නිවාස වල මිලද සැළකිය යුතු තරම් ඉහළ ගොස් ඇතැයිද සඳහන්ය.දුම්රිය නැවතුම් පළක්ද ඇති මහල් නිවාසයක පදිංචි වන්නට අකැමැති වන්නේ කවුරුන්ද?.
මොනෝ රේල් ගණයට අයත් වන මෙම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ විදුලියෙනි.මෙනිසා දුම්රිය මාර්ගය ගොඩනැගිල්ලක් අතරින් දිවේය කියා එහි වසන්නන්ට කිසිදු අපහසුතාවක් ඇති නොවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නු දන්නවා එලුවයි මුට්ටියයි දෙකම බේරාගෙන වැඩ කරන්න , මොකද එහෙ මහදැනමුත්තල නැහැලුනේ (නදී)
වත්තල සිට අංගොඩ ,බත්තරමුල්ල, කොට්ටාව, පිළියන්දල, රත්මලාන සම්බන්ධ කරමින් තොටළග, බොරැල්ල, ටවුන්හෝල්, ටොරින්ටන්, නාරාහේන්පිට, කිරුලපන, දෙහිවල, පිටකොටුව කේන්ද්‍ර කරගනිමින් චීනයේද සහය ඇතුව, මේ වගේ ලොකු ව්‍යාපෘතියක් කරන්න හැකිනම් කොළඹ වාහන තදබදය අඩුකර කොළඹ තවත් ලස්සන කළ හැකිවේවි. (නි)
අපට ඉතින් මෙවැනි සිහින සැබෑ වෙන්න තව සියවසක් ගතවුවත් බැරිවෙයි ප්‍රසාන් මල්ලී ! (නි)
මෙහෙම එකක් හදනවා නම් මගේ ගෙදර යටිනුත් යන්න ඕනෑමයි. මමත් දේශපාලකයෙක් ටිකක් අඳුනනවා (නි)
හරියට හරි. මේවා ලංකාවට ගෙනාවොත් එ්කටත් ඉතින් අපේ බුද්ධිමත් ජනතාව විරෝදය දක්වනවා. මේවා කන්නද ? මේවගෙන් බඩ පිරෙනවද ? (නදී)
මගී තදබදයට හොඳ විසඳුමක්. ලංකාවට ගෙනාවොත් විපක්‍ෂය අහයි මේ දුම්රිය කන්නද? ලංකාව වීනකරණය කරනවද? වගේ ප්‍රශ්න ටිකක්. (නි)
පිටබැද්ද ජයා අපුරු අදහසක් ප්‍රස්ථාපිරුලු නියමෙට ගලපන කෙනෙක් (දිල්)
චීනාගේ මොළේ තමයි මොළේ.අපේ අයටත් ඕවා හොඳ පාඩම්. (නි)
ආදර්ශය අපේ පුද්ගලික බස් වලින් ගන්න ඇත්තේ මොකද ඒවා නිතරම ගෙවල් ඇතුලේ යනවා නෙව !(දී)
ලංකාවේ නම් කරන්නේ ඉතින් ගෙවල් කඩලා පාරවල් හදන එකනේ (නි)
ශ්රී ලංකාවෙත් මේ වගේ ස්පීඩ් කෝච්චි තියෙනවා නම් කොච්චර ලස්සනද (නදී)
අපිට පුළු වන්නේ මේ ක්‍රමය ලංකවට හදුන්වා දෙන්න මේ තුලින් පරිසරය රැකෙනවා !! (දී)
මේකට තමයි කියන්නේ තැනේ හැටියට ඇණේ ගහනවා කියලා. අපෙත් ඇස් ඇරවන්නක්. (නි)
නියමයි (දී)
ලංකාවෙත් මේ වගේ දෙයක් කර නම් වාහන තදබදය නැතිවෙනවා . උමන් දුම්රිය මාර්ග සේවය වැඩි කලා නම් හොදයි .. (දී)
අපි මීට වැඩිය දියුනුයි . කන්ටෙනර් පවා අපේ රටේ ගෙවල් ඇතුලෙන් යනවා. (දී)
ලංකාවට ඒ වගේ එකක් එන්න තව කොච්චර කල් යයිද? (දී)
මේවා ලංකාවට ගෙනාවොත් කොමිස් ගහන්න ගෙනාවා කියයි. කිසිම හොද දෙයක් අද ලංකාවේ මිනිස්සුන්ට අගේ නෑ. අධිවේගී මාර්ග වලට බනින බැනිල්ලම ඇති (දී)
චීනය ඉතා ඉක්මනින් තාක්ෂනය මෙන්ම ආර්ථිකයෙන්ද ලෝකයේ පළමු තැනට එනවා , ආසියාවේ වසන අපිටද මෙය ලොකු ආඩම්බරයක් (නදී)
ලංකාවටත් මෙක හොද ආදර්ශයක් මක් නිසාද යත් ලංකාව කුඩා දුපතක් වීම මෙන්ම ඉඩම් පිළිබද ප්‍රශ්නයේ දී මහා මාර්ග මෙන්ම දුම්රිය මාර්ග වෙනුවෙන් ලංකාවේ භූමියෙන් විශාල ප්‍රමාණයක් වෙන් කර තිබීම ප්‍රධාන සාධකයකි. එම නිසා අපගේ ඇති කුඩා බිම් ප්‍රමාණයෙන් උපරිම පළ නෙළා ගැනීමට මෙය මහත් ආදර්ශයකි. (දී)
මෙය අප රට තුලද ව්‍යාප්ත කිරීමේ හැකියාවක් අැතිදැයි සොයා බැලිය යුතුය.(නදී)