චීන ජනපති ෂී ජින් පින්ට ඉල්ලා අස්වන්නැයි සඳහන් කරමින් ලියූ ලිපියක් එරට රජයට සම්බන්ධ වෙබ් අඩවියක පළ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

චීන රජය ජනතාවගේ අදහස් පළ කිරීමේ අයිතියට සීමා පනවා ඇති බවත් එහි සඳහන් කර ඇති අතර මාධ්‍යවේදී ජියා ජියා අත්අඩංගුවට ගැනීමද එහි විවේචනාත්මකව දක්වා ඇත.

මේ ලිපිය එම වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට චීන රජය පියවර ගෙන ඇත. මෙම ලිපිය පළ කිරීම සම්බන්ධයෙන් මේ වන විට 20 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි චීන වාර්තා කියයි.