
ප්‍රබල භූමිකම්පා සහ අතුරු භූමිකම්පාවලින් සිදුවුණු විනාශය දැකීමෙන් තමන් මහත් සේ කම්පාවට පත් වුණු බව, තුර්කි සහ සිරියානු වැසියන් වෙනුවෙන් සොව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ.
චීන ජනාධිපති ෂී ජින්පින්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ට සහ සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ට ශෝක පණිවුඩ යවමින් මෙසේ සොව පළ කළ බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
තුර්කියට සහ සිරියාවට අවශ්‍ය සහාය ලබා දීමට ‘චීන ජාත්‍යන්තර සංවර්ධන සහ සහයෝගීතා ඒජන්සිය’ පියවර ගනු ඇතැයි ද චීන ජනාධිපති ෂී ජින්පින් පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd