චීන ජනාධිපති ෂී ජං පින් මහතා තෙදින නිල සංචාරයක් සඳහා ස්පාඤ්ඤයට පැමිණියේය.
ජනාධිපති සහ ආර්යාව ස්පාඤ්ඤ ගුවන් තොටුපලේදී එරට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගන්නා ලදී.
දෙරට අතර පවත්නා සාම්ප්‍රදායික මිතුදම ශක්තිමත් කිරීම හා දෙරට අතර වඩා ශක්තිමත් සහයෝගීතාවක් ගොඩනංවා ගැනීම සංචාරයේ අරමුණ වී ඇත.
වසර 13 ක් තුළ චීන රාජ්‍ය නායකයෙක් යුරෝපීය රටක සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.
දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සඳහා වසර 45 ක් සම්පූර්ණ වීම මෙම සංචාරයේදී සනිටුහන් විය.
චීන ජනාධිපති යුරෝපීය සහ ලතින් ඇමෙරිකානු සංචාරයේ පළමු නවාතැන ස්පාඤ්ඤය වන අතර ඉන්පසු ආර්ජන්ටිනාව, පැනමාව සහ පෘතුගාලයට සංචාරය කිරිමට නියමිතය.
මෙම සංචාරය රටවල් දෙක අතර පුළුල් ශක්තිමත් ද්විපාර්ශික සම්බන්ධයක් ගොඩනැගීමට අලුත් පියවරකි.
ජනාධිපති ෂී ජන්පින් ආර්ජන්ටිනාවේදී 13 වැනි කණ්ඩායමේ 20 වැනි සමුලුව සඳහා සහභාගී වෙනු ඇත.
(63226 )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd