
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ආසියානු සංචාරයක් ආරම්භ කිරීමට නියමිත බවත්, එම සංචාරය යටතේ, ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මැලේසියාව, ජපානය සහ දකුණු කොරියාව යන රටවල සංචාරය කිරීමට නියමිත අතර, ඔහු චීන ජනාධිපති ෂී ජින්පින් හමුවනු ඇත්තේ දකුණු කොරියාවේදීය. ඒ, එලැපෙන 30 වැනිදා දකුණු කොරියාවේ දී පැවැත්වීමට නියමිත ‘ආසියා පැසිෆික් ආර්ථික සහයෝගීතා සමුළුවට සහභාගී වෙමිනි.
චීන ජනාධිපතියරයා ද මෙම සමුළුවට සහභාගී වීමට නියමිත අතර, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකචච්ඡා සමුළුවට සමගාමීව සිදුවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඇමෙරිකාවත් චීනයත් අතරේ පවතින ‘වෙළෙඳ යුද්ධය’ හේතුවෙන් දෙරට අතර සබඳතා අඩපණ වී ඇත. ඇමෙරිකාව චීනයටත්, චීනය පෙරළා ඇමෙරිකාවටත් තීරු බදු පැනවීම් කර ඇත. මේ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගැනීමට ට්‍රම්ප් සහ ජින්පින් කටයුතු කරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd