චීන ජනාධිපති ෂී ජින්පින්ග් පසුගිය දා ස්වයංපාලන ටිබේටයේ සංචාරයක නිරත වී ඇතැයි එරට රාජ්‍ය පුවත් සේවය වන ෂිංහුවා පුවත් සේවය වාර්තා කරයි.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් එරට ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ටිබෙටයේ සංචාරය කළ පළමු අවස්ථාව මෙය වෙයි. චීන ජනාධිපතිවරයා පසුගිය බදාදා (21) ගුවනින් න්යින්ග්චි නගරය වෙත පැමිණ අතර එතැන් සිට ටිබෙයේ අගනුවර වන ලාසා වෙත දුම්රියෙන් පැමිණියේ ය. සිචුවාන් පළාතට මායිම් වන කඳුකර දේශසීමාවේ ඉහළට ගමන් කළ හැකි වන පරිදි ද දුම්රිය මාර්ග ඉදි කර ඇත. චීන ජනාධිපතිවරයා ටිබෙට් අගනුවරට පැමිණ ඇත්තේ බ්‍රහස්පතින්දා ය.
චීන ජනාධිපතිවරයා ටිබෙට් අගනුවර ආශ්‍රමයක සහ ‘පෝටලා’ මාලිගයේ සංචාරය කළ බව ද ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේය. ඊට අමතරව චීන ජනාධිපතිවරයා වාර්ගික ආගමික සම්බන්ධයෙන් මෙන්ම ටිබෙටයේ සංස්කෘතික උරුම නිරීක්ෂණය කළ බව ද එම පුවත් වාර්තාවේ දැක්විණි.
‘පෝටලා’ මාලිගය යනු ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාගේ නිවහන යි. වත්මන් දලයි ලාමා පිටුවහල් කර ඇත. වත්මන් දලයි ලාබා බෙදුම්වාදියකු යැයි චීනය චෝදනා කරයි.
ටිබෙටය, ඉන්දියාවටත් චීනයටත් මායිම්ව පිහිටා ඇත. චීනය, ටිබෙය තමන්ට උපායමාර්ගිකව ඉතා වැදගත් යැයි සලකා කටයුතු කරයි. හිමාලයේ ඉන්දු චීන දේශසීමාවේ ඇති වූ අර්බුද හේතුවෙන් දෙරට අතර මෑතකදී දරුණු ගැටුම් ඇති විය.
දෙරටින්ම මරණ වාර්තා වූ අතර මෙම ගැටුම් වසර ගණනාවකට පසු දෙරට අතර ඇති වූ දරුණු ම ගැටුම් යැයි ද වාර්තා විය. ෂී ජින්පින්ග් 2011 වසරේ දී ටිබෙටයේ සංචාරයක නිරත විය. එවිට හෙතෙම චීනයේ උප ජනාධිපතිවරයා ය.
(ෂිංහුවා)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
චීන ජනාධිපති ජින්පින් ටිබෙට් සංචාරයක