මොන්ගෝලියාවේ අගනුවර වන උලාන්බතාර්හි පොලිසිය විසින් සයිබර් අපරාධ ජාලයකට සම්බන්ද බවට සැකපිට චීන ජාතිකයින් 800දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් සතුව තිබූ පරිඝණක සිය ගණනක්, ජංගම දුරකථන හා සිම් කාඩ් තොගයක් ද රාජසන්තක කළ බව ප්‍රාදේශීය ආරක්ෂක බලධාරීහු පවසති.
බුද්ධි අංශ විසින් මාස දෙකක් තිස්සේ සිදුකරන ලද පරීක්ෂණවලින් පසුව ස්ථාන හතරක් වටලා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.
නීති විරෝධී සූදුව, පරිඝණක තුළට අනවසරයෙන් ඇතුල්වීම්, අනන්‍යතා සොරකම් කිරීම, මුදල් විශුද්ධීකරණය වැනි වැරදිවලට මෙම පුද්ගලයන් සම්බන්ධ බව සඳහන් වේ.
රැඳවුම් භාරයේ සිටින චීන ජාතිකයින් 800දෙනා දින 30ක සංචාරක වීසා මත මොන්ගෝලියාවට පැමිණ ඇත.
උලන්බතාර්හි චින තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ගැටලුව විසඳා ගැනීම සම්බන්ධව මොන්ගෝලියානු පොලිසිය සමග සහයෝගයෙන් කටයුතු කරන බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන ජාතිකයින් 800ක් මොන්ගෝලියාවේදී අත්අඩංගුවට