චීන ජාතිකයන් විසින් වියට්නාමයේ පවත්වාගෙන යන කර්මාන්තශාලා වලට එරෙහිව නැග එන විරෝධතාව වැඩිවීමත් සමග එරට සිටින සිය සේවකයන් තුන්දහසකට වැඩි පිරිසක් සහ ව්‍යාපාරිකයන් චීන රජය විසින් දැනටම්ත ඉවත්කැර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. තවදුරටත් වියට්නාමයේ රැඳී සිටින චීන ජාතිකයන් ඉවත්කැර ගැනීමට ගුවන් යානා සහ නෞකා කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා වේ. පසුගිය දින කිහිපයේ දී වියට්නාමයේ ඇතිවූ චීන විරෝධී කෝලාහලයෙන් චීන කම්කරුවන් දෙදෙනකු මියගොස් සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ. කලහකාරීන් විසින් චීන ජාතිකයන්ට අයත් වෙළඳ සැල් හා කර්මාන්ත ශාලා කිහිපයක් ද ගිනිබත් කැර තිබිණි. වියට්නාමයට අයත්බවට ප්‍රකාශයට පත්කැරුණු මුහුදු සීමාවට චීන තෙල් කැණීම් සිදුකර අට්ටාල ගෙනයාමත් සමග මේ විරෝධතාව නැග එන්නට විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන් ලං කර ගැනීම දකුණු ඉන්දියානු කේරළයේ මලයාලින් ලං කර ගැනීම තරමටම භයානක නැහැ. (නදී)
චින්නුන්ගේ හැසිරීම් රටටව මෙයට ඉතාම බාපානවා ලංකාවේදීත් කවදාහරි මෙම දෙයම වෙනවා.(නදී)
අද වියට්නාමය නිදහස් රටවල් හැටියට පවතින්නේ ,රුසියාවත් චීනයත් නිසා බව ඔවුන්ට අමතකව ගොස් ඇති බව පේනවා . වියට්නාමය දෙකට කඩා ඇමරිකාව වියට්නාමයේ සටන් වදින විට චීනය කළ උදව් ඔවුන් අමතක කරන එක නරකයි. (ස)