සිය යුද ගුවන් බලය පෙන්වමින් චීනය ජේ-20 වර්ගයේ නවීනතම රහස් ඔත්තු නිරීක්ෂණ යානා සන්දර්ශනයක් පැවැත් වූ බව වාර්තා වේ. රේඩාර් සංඥා මඟහැර පිසායාර කිරීමේ සමත්කම් දක්වන මෙම යානා තත්පර 60කදී ගුවන්ගත වෙමින් ගුවැන්ඩොංග්හි සුහායි ගුවන් සංදර්ශනය වර්ණවත් කෙරිණි.
මහජන ප්‍රදර්ශනය සඳහා මේ යානා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රථම වතාවටය. මෙම යානා චීන යුද ශක්තියේ ඉදිරි පියවරක් බවත් විශේෂයෙන් දකුණු හා උතුරු චීන මුහුදේ බලය තවත් ශක්තිමත් කර ගැනීමට උදව්වක් වනු ඇති බවත් විචාරකයෝ පවසති. චීනය ඉදිරි වසර දහයේදී ලෝකයේ විශාලම ගුවන් යානා වෙළඳපළට හිමිකම් කියනු ඇති බව ද ඔවුහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනා තරම් ගල් ආඳෙක් මේ මුළු ලෝකෙම නැහැ (නි)
ඕක උඩ යන වෙලාවක පහළින් අයින්වෙලා ඉන්න එක ඇඟට ගුණයි!
20 කියන්නේ ප්‍රහාරක යානයක්
දැන් කාලේ කොණ්ඩය බැඳපු චීන්නු නැහැ කියලා කව්රු කව්රුත් හිතට ගත්තොත් හොඳයි. (නි)
සමහරු චීනා ගැන හිතාගෙන ඉන්නේ තාම චීනා ඉන්නේ 1950 කියලා. තව ටික කලකින් ලෝකෙටම චීන පිහිට තමයි (නි)
චීනයෙනුත්, ඉන්දියාවෙනුත් සොරකම් කළ දැනුමට කොකේසියානු නාමපුවරු ඇලවීම ඉතිහාසය පුරාම දකින්නට පුළුවන්. පැස්කල් ත්‍රිකෝණය චීනයේත්, ඉන්දු ඉලක්කම් ඉන්දියාවේත් උපත ලැබූ නවීන ගණිතයේ මුල් බීජ. අද යුරෝපා වෙළඳපොලේ 80%කම තිබෙන්නේ චීන භාණ්ඩ.ඉතිහාසය නොතකන ජාතියකට අනාගතයක් නැත! (ම)
නව ලෝක දැනුමේ උපතේ හිමිකම නැවත ආසියාවට (නි)
අනේ ඔවු, ඇමෙරිකාවට ආවඩන අයට අමතක ඇති 2001 සැප්තැම්බර් ත්‍රස්ත ප්‍රහාරය, එතකම්ම ඇමෙරිකාව හිතන් හිටියේ පුරන් බැවේ පෙන්ටගනේට ඉහලින් කුරුල්ලෙකුටවත් පියබන්න බෑ කියල, එදා තමයි හෙළුව එලි වුණේ, ඇමෙරිකාව මීට වසර 20කටත් කලින් සොයා ගත්ත කතාවත් ඒකට දෙවෙනි නෑ. (අ)
අපේ සමහරු චීනය සහ චීන කාණ්ඩ අවතක්සේරු කරාට , අද යුරෝපා සංගමයේ රටවලත් ඇමරිකාව වැනි ලෝකයේ දියුණු රටවලත් තිබෙන සියලුම කාණ්ඩ ( ඉලෙක්ට්‍රොනික්ස් ) සහ වෙනත් චීනයේ නිෂ්පාදිත ඒවා , ඔබ ගෙවන මුදල අනුව එහි තත්ත්වය , නොබෝ කලකින් ලෝකයේ සියලුම දේවලින් පළමු තැන චීනයට බව දියුණු රටවල් දනී (ම)
මේ රේඩාර් තාක්ෂණය ගැන ඇමරිකාව සොයාගත්තේ මීට වසර 20කටත් කලින් නේද? (නි)