චීනයේ ෂැංහයි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිපිරීමකින් සිවු දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ගුවන්තොටුපළේ ගොඩබැසීමේ පර්යන්තය අසල පරීක්ෂා කිරීමේ කවුළුවකදී පුද්ගලයකු බෝතලයකට පුපුරන ද්‍රව්‍ය දමා එය විසිකර ඇති බව කියති.
සිද්ධියත් සමග බෝතලය විසිකළ පුද්ගලයා පිහියකින් සිය ගෙලට තුවාල සිදුකරගෙන ඇතැයිද චීන මාධ්‍ය වාර්තා කියයි.
මීට පෙර 2013 දී චීනයේ බීජිං ගුවන්තොටුපළේ දී රෝද පුටුවකින් ආ අයකු සිය පෞද්ගලික දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් බෝම්බයක් පුපුරවාගැනීම නිසා ඔහුට හය වසරක සිර දඬුවමක් නියම වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd