
පසුගිය මාර්තු 21 වැනිදා සිදුවුණු චීන ගුවන් අනතුර, අනතුරක් නොවන බවත්, කිසියම් අයකු හිතාමතා යානය කඩා වැටීමට සලස්වන්න ඇති බවත්, ඒ සම්බන්ධයෙන් සිදු කෙරන විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ගුවන් යානයේ පියසැරි දත්ත අයත් කළු පෙට්ටිය විමර්ශකයන්ට හමුවීමෙන් පසු, එහි ඇති දත්ත විශ්ලේෂණය කිරීමේ දී අවබෝධ වී ඇත්තේ යානය කඩා වැටීමට පෙර, ගුවන් නියමුවන් දෙදෙනා සිටි නියමු කුටියේ තෙවැන්නකු සිටි බවය. එම තෙවැන්නා කවුරුන්දැයි මෙතෙක් තහවුරු වී නැත.
බෝයිං 737-800 වර්ගයේ මගී ගුවන් යානය කුංග්මින් නුවර සිට ගොංග්ෂූ නුවර බලා පියාසර කරමින් සිටිද්දී හිටිහැටියේ කඳුකර ප්‍රදේශයකය කඩා වැටුණි. යානය කඩා වැටෙද්දී එහි එකසිය තිස් දෙදෙනෙක් සිටියහ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd