නැගෙනහිර චීනයේ ගල් අඟුරු ආකරයක සිදුවූ පිපිරීමකින් 17 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි. එහි සිටි තවත් 10 දෙනකු සිරවී සිටිතියි කියති.
පිපිරීමෙන් පසු පතල්කරුවන් සිව්දෙනකු බේරාගත් බවත් එහි 31 දෙනකු සේවයේ යෙදී සිට ඇති බවත් වාර්තාවේ.
17 දෙනකු මියගිය බවට මේ වනවිට තහවුරු කරගෙන ඇතැයිද තවත් පතල් සේවකයන් 10 දෙනකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවත් විදෙස් වාර්තා සඳහන් කරයි.
නැගෙනහිර චීනයේ හෙයිලොන්ජියෑන් ප්‍රාන්තයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය ගල් අඟුරු ආකරයක මෙම පිපිරීම සිදුව ඇති බවත් කියති. අනතුරට වගකිව යුතු සිව්දෙනකු චීන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd