චීනයේ නැගෙනහිර  හිබේ පළාතේ සුනින් දිස්ත්‍රිකක්යේ ගම්මානයක වු වෙඩි තැබිමකින් පස් දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය අය අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු හා වෙඩි තැබීම සිදුකළ බවට සැකකරන පුද්ගලයා ද සිටින බව චීන මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලීසිය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ සඳහන් කැර ඇත්තේ කාණු දෙකේ තුවක්කුවක් රැගෙන පැමිණි පුද්ගලයකු විසින් මේ ඝාතන කළ බවයි. පසුව වෙඩි තැබීමකින් ඔහු මරුමුවට පත්වූ බව ද පොලිසිය කියා ඇත. චීනයේ ගිනි අවි භාවිතය දැඩි පාලනයකට යටත්කැර ඇති බැවින් මෙවැනි සමූහ ඝාතන චීනයේ සිදුවන්නේ කලාතුරකිනි.