චීනයේ නැගෙනහිර වරාය නගරය වු ටියැන්ජින් වු පිපිරිමෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් 500 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි දැන් වාර්තාවන බව එරට රාජ්‍ය මාධ්‍ය වන ෂින්හුවා වාර්තා කරයි.
ඒ අනුව මරණ සංඛ්‍යාව දෙගුණවි ඇති බවත් මියගිය පිරිස අතර ගිනිනිවන භටයන් 12 දෙනෙකුගේ සිරුරුද ඇති බවත් එම වාර්තාවල සඳහන්වේ.
චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ පිපිරීම අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති වරාය ප්‍රදේශයේ ඇති ගුදමක සිදුවි ඇති බවයි. පිපිරීමෙන් ගිනිදැල් අහස උසට නැග ගොස් ඇති අතර ගොඩනැගිලි කඩා වැටි තිබේ.
තුවාල කරුවන්ගෙන් රෝහල් පිරීගොස් ඇත. චීන ජනාධිපති ෂී ජින්පින් බලධාරින්ට උපදෙස් දී ඇත්තේ ගින්නෙන් අනතුරට පත්වු අය බේරා ගැනිම සඳහා වහාම සියලුම පියවර ගන්නා ලෙස යි. පුපුරණ ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන ඇති බවයි.කෙසේ වෙතත් මේ බව තහවුරු කර නැත. මෙම අනතුර වන අවස්ථවේ පිපිරීම් දෙකක් සිදුවී ඇති අතර දෙවන පිපිරිමේ ප්‍රබලත්වය කිලෝමීටර් කිපයක් ඈතට දැනුනු බව ද වාර්තාවේ.
2025 නොවැම්බර් මස 04
493
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2236
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1673
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන ගුදමේ පිපිරීමෙන් 44ක් මරුට
මදුරි Friday, 14 August 2015 02:57 PM
අනේ පව්, මේ වගේ කරදර කිසිම මිනිසෙක්ට නොවේවා! (නදී)
ඉසුරු Saturday, 15 August 2015 04:41 PM
අයියෝ මෙවන් දේවල් නැවත අසන්නටවත් නොලැබේවා! (නි)
දංගොඩ Sunday, 16 August 2015 12:44 PM
පවු අහිංසක මිනිස්සු! (නි)