චීනයේ නැගෙනහිර වරාය නගරය වු ටියැන්ජින් වු පිපිරිමෙන් අවම වශයෙන් පුද්ගලයන් 44 දෙනෙක් මියගොස් 500 කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි දැන් වාර්තාවන බව එරට රාජ්‍ය මාධ්‍ය වන ෂින්හුවා වාර්තා කරයි.
ඒ අනුව මරණ සංඛ්‍යාව දෙගුණවි ඇති බවත් මියගිය පිරිස අතර ගිනිනිවන භටයන් 12 දෙනෙකුගේ සිරුරුද ඇති බවත් එම වාර්තාවල සඳහන්වේ.
චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ පිපිරීම අනතුරුදායක රසායනික ද්‍රව්‍ය ගබඩා කර ඇති වරාය ප්‍රදේශයේ ඇති ගුදමක සිදුවි ඇති බවයි. පිපිරීමෙන් ගිනිදැල් අහස උසට නැග ගොස් ඇති අතර ගොඩනැගිලි කඩා වැටි තිබේ.
තුවාල කරුවන්ගෙන් රෝහල් පිරීගොස් ඇත. චීන ජනාධිපති ෂී ජින්පින් බලධාරින්ට උපදෙස් දී ඇත්තේ ගින්නෙන් අනතුරට පත්වු අය බේරා ගැනිම සඳහා වහාම සියලුම පියවර ගන්නා ලෙස යි. පුපුරණ ද්‍රව්‍ය අඩංගු කන්ටේනරයක් පුපුරා ගොස් මෙම ගින්න හටගෙන ඇති බවයි.කෙසේ වෙතත් මේ බව තහවුරු කර නැත. මෙම අනතුර වන අවස්ථවේ පිපිරීම් දෙකක් සිදුවී ඇති අතර දෙවන පිපිරිමේ ප්‍රබලත්වය කිලෝමීටර් කිපයක් ඈතට දැනුනු බව ද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පව්, මේ වගේ කරදර කිසිම මිනිසෙක්ට නොවේවා! (නදී)
අයියෝ මෙවන් දේවල් නැවත අසන්නටවත් නොලැබේවා! (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)