චීනයේ සෙජියෑන්ග් ප්‍රදේශයේ ගංගාවක් එක් රැයින් රත් පැහැයට හැරිණ.

උදෑසන අවදිවූ වැසියෝ දුටුයේ රත් පැහැයට හැරී තිබුණු ගංගාවය.

ඇතැමෙක් වහ වහා රත් පැහැ ගත් ජලය බෝතල් වලට එක්රැස් කර ගත්හ.

මෙයට හේතුව කුමක්දැයි සෙවීම විශේෂඥයින් පිරිසකට භාරදී තිබේ.ඔවුන් පවසන්නේ ගං ඉවුරේ පිහිටි ආහාර වර්ණගන්වන කර්මාන්තශාලාවකින් බැහැර කෙරුණක් මීට මුල් වන්නට ඇති බවයි.

නමුත් ප්‍රදේශවාසීහු දරන්නේ වෙනත් මතයකි.

කිසිවෙකු කිසියම් අපද්‍රව්‍යයක් ගග මුදුනෙන් ගංගාවට බැහැර කරන්නට ඇතැයි ඔවුහු පවසති.

කවරෙකුගේ හෝ ක්‍රියාවක් නිසා වේවා දැන් තමන්ට ගගේ ජලය භාවිතයට ගත නොහැකියැයි ඔවුහු කියති.

චීනයේ සීඝ්‍ර ආර්ථීක සංවර්ධනයක් දැකගත හැකි වෙතත් චීන සාමාන්‍ය ජනයා සම්බන්ධයෙන් වගකිවයුත්තෝ වැඩි අවධානයක් යොමු නොකරන බවට හොද උදාහරණයක් ලෙස මෙම සිදුවීම විචාරකයෝ හදුන්වාදෙති.