චීනයේ යැංසේ ගඟේ යාත්‍රාකරමින් තිබූ නැවක් මගීන් සහ කාර්ය මණ්ඩලය 458 දෙනකු සමග ගිලී ගොස් ඇතැයි චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය වන ෂින්හුවා වාර්තා කරයි.
ඔවුන් පවසන්නේ නැවේ කපිතාන් හා ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු අට දෙනකුගේ ජීවිත බේරාගෙන ඇති බවයි. ඉතිරි 450 දෙනාට සිදුවූ දෙයක් ගැන මෙතෙක් චීන බලධාරීන් කිසිවක් පවසන්නේ නැත.
ඊස්ටර්න් ස්ටාර් නැමැති මෙම නැව ගමන් අරඹා ඇත්තේ මධ්‍යම පලාතේ හුබේ වරායෙනි. නැව දියත්වන විටත් ඒ ප්‍රදේශයේ දැඩි කුණාටුවක් පැවති බව එරට මාධ්‍ය පවසයි.
චීන අගමැති ලී ක්වින්ග් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් අනතුර සිදුවු හුබේ පලාතේ ජිඅන්ලි දිස්ත්‍රික්කය වෙත ගමන් කරමින් සිටිති.
ෂින්ෂුවා වාර්තා පෙන්වා දෙන්නේ අයහපත් කාල ගුණය හේතුවෙන් විපතට පත් අය බේරා ගැනීම අපහසුවි ඇති බවයි.
ඊස්ටර්න් ස්ටාර් නැගෙනහිර චීනයේ නැන්ජින් සිට කිලෝ මිටර් 1200 ක් රට අභ්‍යන්තරයෙන් පිහිටි චොන්ග්ක්වින්ග් වෙත යාත්‍රා කර තිබේ. මෙහි මගීන් 405 ක් කාර්යය මණ්ඩලය 47 ක් සහ චාරිකා නියෝජිතයන්ගේ සේවකයන් හය දෙනෙක් වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත හානිවූ අයට බලවත් ශෝකය! (නි)