IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන ගඟේ නැව පෙරැළේ

චීනයේ යැංසේ ගඟේ යාත්‍රාකරමින් තිබූ නැවක් මගීන් සහ කාර්ය මණ්ඩලය 458 දෙනකු සමග ගිලී ගොස් ඇතැයි චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය වන ෂින්හුවා වාර්තා කරයි.

ඔවුන් පවසන්නේ නැවේ කපිතාන් හා ප්‍රධාන ඉංජිනේරුවරයා ඇතුළු අට දෙනකුගේ ජීවිත බේරාගෙන ඇති බවයි. ඉතිරි 450 දෙනාට සිදුවූ දෙයක් ගැන මෙතෙක් චීන බලධාරීන් කිසිවක් පවසන්නේ නැත.

ඊස්ටර්න් ස්ටාර් නැමැති මෙම නැව ගමන් අරඹා ඇත්තේ මධ්‍යම පලාතේ හුබේ වරායෙනි. නැව දියත්වන විටත් ඒ ප්‍රදේශයේ දැඩි කුණාටුවක් පැවති බව එරට මාධ්‍ය පවසයි.

චීන අගමැති ලී ක්වින්ග් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් අනතුර සිදුවු හුබේ පලාතේ ජිඅන්ලි  දිස්ත්‍රික්කය වෙත ගමන් කරමින් සිටිති.

ෂින්ෂුවා වාර්තා පෙන්වා දෙන්නේ අයහපත් කාල ගුණය හේතුවෙන් විපතට පත් අය බේරා ගැනීම අපහසුවි ඇති බවයි.

ඊස්ටර්න් ස්ටාර් නැගෙනහිර චීනයේ නැන්ජින් සිට කිලෝ මිටර් 1200 ක් රට අභ්‍යන්තරයෙන් පිහිටි චොන්ග්ක්වින්ග් වෙත යාත්‍රා  කර තිබේ. මෙහි මගීන් 405 ක් කාර්යය මණ්ඩලය 47 ක් සහ චාරිකා නියෝජිතයන්ගේ සේවකයන් හය දෙනෙක් වූහ.



අදහස් (0)

චීන ගඟේ නැව පෙරැළේ

චන්න බුවනක Tuesday, 02 June 2015 02:49 PM

ජීවිත හානිවූ අයට බලවත් ශෝකය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 470 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1668 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site