IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂය බලා පිටත්ව ගියහ. චීනය පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදිකරයි. ගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂයට ගියේ ‘ටියැංගොන්’ නමැති එම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහාය.

චීන රොකට්ටුවක සහ ගගන කැප්සියුලයක ආධාරයෙන් මෙම ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශයට ගියේ, ගෝබි කාන්තාරයේ චීනයට අයත් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. ඒ, ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුම යටතේය.

57 හැවිරිදි චීන ගගනගාමී ෆෙයිජුන්ලොන් ‘ෂෙංග්ෂූ 15’ මෙහෙයුමට නායකත්වය දෙයි. 2005 වසරේ සිදුවුණු ‘ෂෙංග්ෂූ 6’ මෛහයුමට නායකත්වය දුන්නේ ද මොහුය. ෆෙයිජුන්ලොන් අභ්‍යවකාශ මෙහෙයුමකට එක් වූයේ 2005 මෙහෙයුමින් පසුව යැයි ද පැවැසෙයි.

‘ටියැංගොන්’ අභ්‍යවකාශ නැවැතුම්පොළ මෙම 2022 වසරේ ඉදිකර නිමා කිරීමෙන් පසු චීනය අභ්‍යවකාශ කටයුතු රැසකට දායක වීමට නියමිතය. සඳට ගගනගාමීන් යැවීමට පවා බලාපොරොත්තු වෙයි.

(රොයිටර්)



අදහස් (0)

චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site