IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

වසර 10කට පමණ පසු, චීන ගගනගාමීහු තිදෙනෙක් පෘථිවි කක්ෂයට බලා පිටත්ව ගියහ. චීනය අභ්‍යවකාශ නැවැතුම්පොළක් ඉදි කරමින් සිටින අතර, ගගනගාමීන් තිදෙනා පෘථිවි කක්ෂය බලා ගියේ එම ඉදිකිරීම් කටයුතු සඳහාය.

ගගනගාමීන් අභ්‍යවකාශය බලා ගියේ ෂෙංන්ෂූ ගගන කැප්සියුලය ආධාරයෙනි. කැප්සියුලට උඩු ගුවනට තල්ලු කිරීම සිදු කළේ ලොංග් මාච් රොකට්ටුවය. පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා වන්නේ නී හෙයිසිං, ලීයු බෝමිං සහ තාංග් හොංග්බෝ ය.

56 හැවිරිදි නී හෙයිසිං, චීන ගුවන් හමුදා නියමුවකු ලෙස සේවය කළ අයෙකි. චීනය, අභ්‍යවකාශයට යැවූ වයස්ගතම තැනැත්තා ලෙස මොහු සැලකෙයි.

ගගනගාමීන් තිදෙනා රැගත් ෂෙංන්ෂූ කැප්සියුලය, වයඹදිග චීනයේ ගංෂූ පළාතේ ජිකුවාන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත්ව ගියේ එරට වේලාවෙන් උදෑසන 9.22 ටය. කැප්සියුලය, අභ්‍යවකාශයේ රඳවා තිබෙන අභ්‍යවකාශ නැවැතුම්පොළේ ප්‍රධාන කොටස හා සම්බන්ධ වනු ඇත.

චීනය ඉදිකරන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැඳින්වෙන්නේ 'ටියැංහේ' යන නමිනි. මෙය ඉදි කෙරෙන්නේ එහි ප්‍රධාන කොටස් (මොඩියුල) තුන අවස්ථා තුනකදී උඩු ගුවනට යැවීමෙනි. විශාලතම මෙන්ම ප්‍රධානතම මොඩියුලය පසුගිය අප්‍රේල් මාසයේ දී අභ්‍යවකාශයේ රැඳවීම සිදුවිය. මෙම මොඩියුලය මීටර් 16.6 ක් දිග සිලින්ඩරාකාර කොටසකි. පළල මීටර් 4 කි. ෂෙංන්ෂූ කැප්සියුලය, සම්බන්ධ වෙන්නේ මෙම කොටස සමඟය.

'ටියැංහේ' අභ්‍යවකාශ නැවැතුම්පොළ ලබන 2022 වසරේ සාදා නිම කිරීමට චීනය සූදානම් වෙයි. ඉදිකිරීම් කටයුතු සඳහා ඉදිරියේ දී තවත් අභ්‍යවකාශ මෙහෙයුම් 11 ක් සිදුවනු ඇති බවත්, එයින් 4 කට ගගනගාමීන් සහභාගී වනු ඇති බවත් චීන අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

උඩු ගුවනට ගිය ගගනගාමීන් මාස 3 ක කාලයේ මොඩියුලයේ රුඳී සිටිමින් ඉදිකිරීම් කටයුතුවල නියැලෙනු ඇත.

(රොයිටර්)



අදහස් (3)

චීන ගගනගාමීහු තිදෙනෙක් උඩුගුවනට

hira Thursday, 17 June 2021 11:57 AM

චීනයට හේත්තු වෙලා ඉන්න එක ඇගට සනීපයි කියන්නේ නිකමට නෙවෙයි

:       0       0

බද්රානි Friday, 18 June 2021 01:11 PM

අනේ, අර අපි උඩ ඇරපු රොකට් එක හොයලා දෙන්න පුලුවන්ද අපිට? නැත්නම්, අපරාදේ ඒ වියදම් කළ සල්ලි.

:       7       112

Ganga Saturday, 19 June 2021 03:52 PM

ආයෙත් අටමඟුලක් ඔලුවට කඩා වැටෙන්නයි යන්නේ...!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 689 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2359 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site