IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


චීන කැණීම් නිසා බෞද්ධ නගරය අවදානමේ

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ආසන්නයේ දැවැන්ත කඳු මුඳුන් සහිත ප්‍රදේශයකින් පුරාවිද්‍යාඥයින් මතු කර ගත් මෙස් අයිනාක් බෞද්ධ නගරය විනාශ වී යාමේ අවදානමකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙස් අයිනාක් බෞද්ධ නගරය වසර 1000-2000 අතර ඉතිහාසයකට උරුමකම් කියන බව පැවසෙයි.එය වරක් තඹ නිස්සාරණය සහ වෙළඳාම වටා සංවිධානය වූ විශාල නගරයක් විය.කාබුල් නගරය ආසන්නයේ පිහිටි ලොව විශාලතම තඹ නිධියක තඹ නිස්සාරණය කිරීමට කැනීම් කටයුතු ආරම්භ කිරීමට චීන සමාගම් සමුහයක් සූදානම් වීම හේතුවෙන් මෙම අවදානම් මතුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙස් අයිනාක් නගරයෙන් පුරාවිද්‍යාඥයින් ආරාම, ස්ථූප, බලකොටු, පරිපාලන ගොඩනැගිලිවල නටඹුන් මතු කර ගෙන ඇති අතර ප්‍රතිමා, කාසි සහ මැටි බඳුන් විශාල ප්‍රමාණයක්ද සොයා ගෙන ඇත. මෙම නටඹුන් හෙක්ටයාර 1000ක ප්‍රමාණක් දක්වා දිව යන බව පැවැසෙයි.

චීන කැනීම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්ගේ නායකත්වයෙන් යුත් එකමුතුව මෙම තඹ නිධියේ කැනීම් කටයුතු කරන බව පැවැසෙයි.මෙම සමාගම  2007 වසරේදී වසර 30 ක කාලයක් තඹ නිධියේ කැනීම් කටයුතු සිදු කිරීමට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් ගෙවා අයිතිය ලබා ගෙන ඇතැයි පැවැසෙයි .

ගිවිසුම් ගත වී වසර 15 ක කාලයක් ගත වුවද, චීනය සහ කාබුල් බලධාරීන් අතර ගිවිසුමේ මූල්‍ය කොන්දේසි පිළිබඳ එකඟත්වයක් ඇති නොවීම හේතුවෙන් තවමත් කැනීම් කටයුතු ආරම්භ වී නොමැති වුවත් නැවත කැණීම් කටයුතු ආරම්භ කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟතාවයකට පැමිණීමට සුදානමින් සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළේය. 

මෙස් අයිනාක් නගරය ලෝකයේ ඇති ලස්සනම පුරාවිද්‍යා ස්ථාන වලින් එකක් බව පුරාවිද්‍යාඥ බැස්ටියන් මහතා පවසයි.මෙවැනි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් ආරක්ෂා කර ගත යුතු බව පුරාවිද්‍යාඥයෝ පවසති.

(රොයිටර්)



අදහස් (0)

චීන කැණීම් නිසා බෞද්ධ නගරය අවදානමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site