IMG-LOGO

චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ

චීන කොමියුනිස්ට් පක්ෂ රජයේ ඔත්තුකාරියක ලෙස බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සමීප වෙමින්, ඔවුන්ට අනිසි බලපෑම් එල්ල කළ චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍යයේ 'එම්.අයි.5' අභ්‍යන්තර බුද්ධි අංශ අනාවරණය කර ඇත.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාව ක්‍රිස්ටීන් චිංග් ලී නමැත්තියයි. නීතීඥවරියක ලෙස කටයුතු කරන මැය ලන්ඩනය කේන්ද්‍රකොටගත් නීති සමාගමක ප්‍රධානියාය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ලින්ඩ්සි හොයිල්ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අත්අඩංගුවට ගත් ක්‍රිස්ටීන් චිංග් ලී, චීන කොමියුනිස්ට් පක්ෂ රජය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන කටයුතුවලට ඇඟිලි ගසා ඇති බවය.

එල්ල වන මෙම චෝදනා ලන්ඩන් නුවර චීන තානාපති කාර්යාලය මෙන්ම චීන රජය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රිස්ටීන් චිංග් ලී, බ්‍රිතාන්‍ය ව්‍යවස්ථාදායකයන් සමඟ සම්බන්ධ වී, ඔවුන්ට බලපෑම් කරමින්, චීන රජයට වාසි වන ආකාරයට හොංකොං සම්බන්ධයෙන් තින්දු තීරණ ගන්නා රාජ්‍ය තාන්ත්‍රිකයන්ට මූල්‍ය පරිත්‍යාග පවා සිදු කර ඇතැයි  'එම්.අයි.5' බුද්ධි අංශය අනාවරණය කරගෙන ඇත.

එක් අවස්ථාවක ක්‍රිස්ටීන් චිංග් ලී, විපක්ෂය වන කම්කරු පක්ෂයේ මන්ත්‍රී බැරී ගාඩ්නර්ට ලබා දී ඇති මුදල් ප්‍රමාණය පවුම් 4,20,000 ක් බව ද හෙළි වී තිබේ.

ක්‍රිස්ටීන් චිංග් ලීගේ 'ක්‍රිස්ටින් ලී සමාගම' මන්ත්‍රී බැරී ගාඩ්නර්ට මෙසේ මුදල් පරිත්‍යාග කිරීම ආරම්භ කර ඇත්තේ 2014 වසරේ සිට යැයි ද පැවැසෙයි. ඒ වනවිට කම්කරු පක්ෂ නායකයා ලෙස කටයුතු කළේ ජේම්ස් කොර්බන්ය.

(රොයිටර්)



අදහස් (2)

චීන ඔත්තුකාරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ

වීරවිජේ Saturday, 15 January 2022 11:11 AM

ලංකාවෙත් ඉන්නවා පැනලයන්න හිටිය කාන්තාවක්. ගානියා බැරිස්ටර් කියලා නම වෙනස් කරගෙන...

:       1       3

Sarath JB Rjaguru Monday, 17 January 2022 12:48 PM

ශ්‍රී ලංකාවේ සිදු වූ දේ බ්‍රිතාන්‍යයේ සිදු වේ. ලෝකයට පණිවිඩයක් දෙන්න; චීනයෙන් පරිස්සම් වන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site