IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චීන - ඉන්දියානු සොල්දාදුවෝ ගැටෙති

බටහිර හිමාලයේ දී ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතර ගැටුමක් ඇති වී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

මෙම සිදුවීමත් සමඟ බටහිර හිමාලයේ පිහිටි ඉන්දු චීන මතභේදාත්මක දේශසීමාව පිළිබඳ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයි පැවසේ.

චීන සොල්දාදුවන් පිරිසක් ‘පැනගොන්ග්’ ජලාශයට ආසන්න ඉන්දීයාවට අයත් ලඩාකාහ් ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ග පැවසීය.
ඇතැම් චීන සොල්දාදුවන් යකඩ කූරු සහ ගල් රැගෙන පැමිණි බවත් දෙරටේම හමුදා සාමාජිකයන්ට සුළු තුවාල සිදු වී ඇති බවත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් චීන ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවලින් විමසීමක් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. තම තමන්ගේ දේශසීමාවලට ප්‍රවේශ වීමට උත්සාහ කළ බවට ඉන්දියාව සහ චීනය නිරන්තරයෙන් එකිනෙකාට චෝදනා කරගත්ත ද ගැටුම් ඇතිවූයේ කලාතුරකිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලින් ද තොරතුරු විමසීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක විය.

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

චීන - ඉන්දියානු සොල්දාදුවෝ ගැටෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site