බටහිර හිමාලයේ දී ඉන්දීය සහ චීන සොල්දාදුවන් අතර ගැටුමක් ඇති වී ඇතැයි ඉන්දීය ආරංචි මාර්ග පවසයි.

මෙම සිදුවීමත් සමඟ බටහිර හිමාලයේ පිහිටි ඉන්දු චීන මතභේදාත්මක දේශසීමාව පිළිබඳ අර්බුදය තවදුරටත් දිග්ගැස්සෙනු ඇතැයි පැවසේ.

චීන සොල්දාදුවන් පිරිසක් ‘පැනගොන්ග්’ ජලාශයට ආසන්න ඉන්දීයාවට අයත් ලඩාකාහ් ප්‍රදේශයට ඇතුළුවීමට උත්සාහ කර ඇතැයි නවදිල්ලි ආරංචි මාර්ග පැවසීය.
ඇතැම් චීන සොල්දාදුවන් යකඩ කූරු සහ ගල් රැගෙන පැමිණි බවත් දෙරටේම හමුදා සාමාජිකයන්ට සුළු තුවාල සිදු වී ඇති බවත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් චීන ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශවලින් විමසීමක් කිරීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය. තම තමන්ගේ දේශසීමාවලට ප්‍රවේශ වීමට උත්සාහ කළ බවට ඉන්දියාව සහ චීනය නිරන්තරයෙන් එකිනෙකාට චෝදනා කරගත්ත ද ගැටුම් ඇතිවූයේ කලාතුරකිනි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශවලින් ද තොරතුරු විමසීමට උත්සාහ කළ ද එය ද අසාර්ථක විය.

ඒ.එෆ්.පී/රොයිටර් 055