
ඔත්තු බැලීමේ චෝදනා මත, අත්අඩංගුවට ගෙන සිරදඬුවම් නියම කෙරුණු කැනේඩියානු ජාතිකයන් දෙදෙනා වන මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් නිදහස් කිරීමට චීන රජය පියවර ගෙන තිබේ.
චීන රජය මෙම තීරණය ගෙන ඇත්තේ කැනඩා රජය සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ඇති කර ගැනීමෙන් අනතුරුවය.
චීනය මයිකල් ස්පේවර් සහ මයිකල් කොවිරිජ් අත්අඩංගුවට ගෙන සිරගත කළේ, කැනඩාව ඇමෙරිකාවේ ඉල්ලීම මත 'හුවාවේ' සමාගමේ මූල්‍ය කටයුතු පිළිබඳ ප්‍රධානී මෙන් වන්ෂු වසර දෙකක් රඳවාගෙන සිටීමට ප්‍රතිචාර දක්වමිනි.කැනඩා රජය මෙන් වන්ෂු නිදහස් කළබව ද පැවැසිණි.
ලොව විශාලතම දුරකතන මෙවලම් නිෂ්පාදකයකු වන්නේ චීනයේ හුවාවේ තාක්ෂණ සමාගමය. කැනඩා ආරක්ෂක අංශ මෙන් වන්ෂු අත්අඩංගුවට ගත්තේ 2018 වසරේ දෙසැම්බරයේදීය. ඒ ඇය කැනඩාවට පැමිණි විටය. මෙන් වන්ෂු නිදහස් කිරීමට කැනඩා රජය පියවර ගෙන ඇත්තේ ඇමෙරිකාව සහ චීනය අතර ඇති වුණු එකඟතාවකට අනුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන අත්අඩංගුවේ සිටි කැනේඩියානුවන්ට නිදහස