IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘චිකුන්ගුන්යා’ නසන්න එන්නතක්

මදුරුවන්ගෙන් බෝ වන ‘චිකුන්ගුන්යා’ වයිරසයට එරෙහිව සාර්ථක එන්නතක් නිපදවීමට ‘වල්නේවා’ නමැති ප්‍රංශ-ඔස්ට්‍රියානු ඖෂධ සමාගම සමත් වී සිටී. 

වෛද්‍ය පර්යේෂකයන්, මෙම එන්නත නම් කර ඇත්තේ, ‘වී.එල්.ඒ. 1553’ නමිනි. ‘චිකුන්ගුන්යා’ වයිරසයට පළමු වරට සාර්ථක එන්නතක් නිපදවූ පළමු අවස්ථාව මෙයයි.

සිදුකළ සායනික පර්යේෂණ අනුව, ‘වී.එල්.ඒ. 1553’ එන්නත සියයට 99 ක සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බවත්, අතුරු ආබාධ නොමැති බවත් එන්නත නිපදවූ විද්‍යාඥයෝ පවසති.

මේ වනවිට ඇමෙරිකා වෛද්‍ය පර්යේෂකයන් මෙම නව එන්නත සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ද ‘වල්නේවා’ ඖෂධ සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘වී.එල්.ඒ. 1553’ එන්නත සම්බන්ධයෙන් සියලු දත්ත සහ සායනික වාර්තා ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කරමින් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලබා ගැනීමට ද ‘වල්නේවා’ සමාගම මේ වනවිට සූදානමින් සිටී.

‘චිකුන්ගුන්යා’ ඩෙංගු වයිරසය වැනිය. තද උණ, සිරුරේ වේදනාව, කැරකිල්ල ආදිය රෝග ලක්ෂණ වෙයි. ‘චිකුන්ගුන්යා’ සොයා ගැනීම සිදුවූයේ 1952 වසරේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, වයිරසය මේ වනවිට රටවල් 110 කට ව්‍යාප්ත වී තිබේ. බැක්ටීරියා ආසාදනවලට මෙන් නොව, වයිරස ආසාදනවලට එන්නත් නිපදවීම පහසු නැත. ඊට හේතුව වයිරස සෑම විටම ස්වරූප වෙනස් කර ගන්නා බැවිනි. ඩෙංගු වයිරසයට ද එන්නත් නිපදවීම සිදුවෙයි. කෙසේ නමුත් එම එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතී.



අදහස් (0)

‘චිකුන්ගුන්යා’ නසන්න එන්නතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site