
ඇමෙරිකාවේ චිකාගෝ නුවරට නුදුරින් පිහිටි ගම්මානයක රථගාලක වෙඩි තැබීමක් සිදුවිය. වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් දෙදෙනකු මියගිය බවත්, 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. තුවාල ලැබූ දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව ද පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවූයේ විලෝබෲක් නමැති ගම්මානයේ රථගාලකය. වෙඩි තැබීම සිදු කර ඇත්තේ කීප දෙනකු විසින් යැයි පොලිසිය මාධ්‍ය හමුවේ පවසා ඇත. වෙඩි ප්‍රහාරයට ලක් වූයේ විලෝබෲක් පදිංචි අප්‍රිකා ඇමෙරිකා වැසියන් පිරිසකි. අප්‍රිකා ඇමෙරිකා වැසියන් අතීතයේ වහල්භාවයෙන් මිදීම සිහිපත් කරමින් එම අවස්ථාවේ විශේෂ සැමරුම් උත්සවයක් රථගාලේ පැවැත්වෙමින් තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd