චෙක් ජනරජයේ ගල් අඟුරු පතලක ඇති වු පිපිරිමකින් පුද්ගලයන් 13 දෙනෙකු මිය ගොස් 10 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීතෙන් දහනය වීමෙන් මෙම පිපිරුම සිදුවී ඇති බව අනාවරණය වී තිබේ.  ප්‍රාග් අගනුවර සිට කිලෝ මීටර් 300 ක් පමණ නැගෙනහිරින් පිහිටි කාර්විනා නගරයේ සීඑස්එම් පතලෙහි මෙම පිපිරිම සිදුවී ඇත.

මෙම අනතුර සිදු වී ඇත්තේ පතලෙහි මීටර් 880 ක ගැඹුරකින් බවත් එම ගින්න තවම ඉවත් කර නොමැති බවත් චෙක් ජනරජ මාධ්‍යවේදීයෝ පවසති.
"අපි එක් විශාල පවුලක්, එය දරුණු ඛේදවාචකයක්" යැයි චෙක් කම්කරුවකු මාධ්‍ය වෙත පවසා තිබේ.

මියගිය පුද්ගලයන් 11 දෙනෙකු පෝලන්ත ජාතික කම්කරුවන් වන අතර අනෙක් දෙදෙනා චෙක් රාජ්‍යයේ කම්කරුවන් වේ.
 
(28535)