අප්‍රිකාවට අයත් ඝානා රාජ්‍යයේ ජනාධිපති සහ උප ජනාධිපති ආර්යාවන් සඳහා කැබිනට් අමාත්‍යවරුන්ට සමාන වැටුපක් ලබා දිය යුතුයි යැයි යේජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ඝානා වැසියන් මෙම යෝජනාවට තරයේ විරෝධය පළ කර ඇත. යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ස්වාධීන පාර්ලිමේන්තු කමිටුවක් මගින් යැයි ද පැවැසෙයි.
කැබිනට් ඇමැතිවරුන්ගේ වැටුපට සමාන ලෙස ජනාධිපති සහ උප ජනාධිපති බිරිඳන්ට වැටුපක් ලැබිය යුතු බව එහි සඳහන් වෙයි. යෝජනාව සම්මත වුවහොත් ජනපති ආර්යාවන්ට මසකට ඇමෙරිකන් ඩොලර් 3,500 ක මුදලක් ලැබේ.
මිලියන 30 ක ජනගහනයක් වාසය කරන ඝානාව අයත් වන්නේ අප්‍රිකාවේ බටහිර කොටසටය. වත්මන් ඝානා ජනාධිපතිවරයා වන්නේ නානා අකුෆෝ අඩෝය. උප ජනාධිපති ලෙස කටයුතු කරන්නේ මහමුදු බහුමියාය. මොවුන් දෙදෙනා නියෝජනය කරන්නේ නව දේශප්‍රේමී පක්ෂයයි.
අක්රාහිදීය (රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙත් දේශප්‍රේමියන් ඔහොම තමයි. පෙනි පෙනීත් ගන්නවා. හොරෙනුත් ගන්නවා.. බුදුන් තුන්වරක් මෙහෙට නම් වැඩියා.. අති නිර්මල ථේරවාදය, මහින්දාගමනයෙන් ලද සියලුම කලාවන් තිබෙනවා.. වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් තියෙනවා.. ආසියාවේ සාක්ෂරතාව වැඩිම රට, ඔය රටත් එහෙම ඇති මම හිතන්නේ...
සෙනෙවිරත්න මහත්තයාට එකක් අමතක වෙලානේ... සුද්දෝ වැද්දෝ වගේ හිටපු කාලේ අපේ රාවණා රජතුමා අහස් යානා නිෂ්පාදනේ කෙරුව බව අමත වුණාද? රටවල් 10ක් පාලනේ... කරපු එතුමා යටතේ තමයි. ඔය කියන ජනාධිපති ආර්යාවන් සුපර්නිකාගෙන් පැවැත එන අය වෙන්න පුළුවනි...
ලංකාවේ සියලුම රාජපක්ෂ මැති ඇමැති ආර්යාවන්ට වැටුප් දීමට අපෙන් කිසි විරුද්ධත්වයක් නැහැ.