IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අල්ලා ගත්තා

ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය චෞද්රි ෆවාද් හුසේන් පවසා ඇත.

මේ ඝාතනය පාකිස්තානයේ සියලු දෙනා ම පාහේ හෙළා දැක ඇතැයි ද හෙතෙම කීය.

පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මොහාන් විජේවික්‍රම මහතා මුණ ගැසෙමින් අමාත්‍ය ෆවාද් හුසේන් එම කරුණු සඳහන් කළේ ය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් සේ කනගාටුවට පත්වන බව ද ඔහු කීවේ ය.

පාකිස්තානයේ තොරතුරු සහ විකාශන අමාත්‍යවරයා මෙම හමුවේදී ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනයට සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ද මහ කොමසාරිස්වරයාට දැනුම් දුන්නේ ය.

මෙම ඛේදජනක සිදුවීමට අදාළ ව පාකිස්තාන රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සෑහීමකට පත්වන බව මහ කොමාසරිස්වරයා මෙහිදි පැවැසීය.

එමෙන්ම මෙම සිදුවීම දෙරටේ සම්බන්ධතාවලට බලපෑම් එල්ල නොකරනු ඇතැයි ද මහ කොමසාරිස්වරයා කීවේ ය.

(ඒ.පී.පී.)



අදහස් (0)

ඝාතනයට සම්බන්ධ සියලු සැකකරුවන් අල්ලා ගත්තා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site