වියට්නාමයේ සංචාරයක නිරතව සිටින වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධූරෝ විශේෂ ප්‍රකාශයක් කරමින් තමන් ඝාතනය කිරීමේ සැළසුමක් තිබෙන බව කීවේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ සඳහා කොලොම්බියා රජයේ අනුග්‍රහය ද ලැබී ඇතැයි හෙතෙම පවසයි. එසේ කීව ද ඒ සම්බන්ධ කිසිදු සාක්ෂියක් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කැර නැත.
වෙනිසියුලා හා කොලොම්බියා දේශසීමාව ආසන්නයේ දී සෙබළු තිදෙනකුට හා සිවිල් වැසියකුට තුවාල සිදුකිරීමේ සිද්ධියක් හේතුවෙන් කොලොම්බියාවේ කකූටා නගරය ආසන්න වෙනිසියුලා කොලොම්බියා දේශසීමාව වසා දැමීමට ජනාධිපති මධූරෝ නියෝග කළේය.
දේශසීමා ආසන්නයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ ජනාධිපති වරයා රජයේ බලධාරීන් යොදවා අධිකරණ අවසරයකින් තොවර නිවාස පරීක්ෂා කර වෙනිසියුලාවේ අනවසරයෙන් ජීවත් වූ කොලොම්බියා වැසියන් 10,000ට වැඩි පිරිසක් පිටුවහල් කිරීමට ද කටයුතු කළේය.
ජනාධිපති මධූරෝ ඇතුළු රජය පවසන්නේ වෙනිසියුලාවේ ඉතා ලාභදායී මිලට අළෙවි කරන ප්‍රෙටල් ආහාර ද්‍රව්‍ය ඇතුළු දෑ කොලොම්බියාවේ ජාවාරම්කරුවන් විසින් රැගෙන ගොස් අලෙවි කර අධික ලාභ ලබන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ මිනිසුන්ට මේ ලෝකය සුදුසු තැනක් නොවේ (නි)
සමාජවාදී රටවල් ගිලින්න බලාගෙන ඉන්න ඇමෙරිකානු ගැති රටවල් ගැන වෙනිසියුලාව වගේම කියුබාවත් අවදියෙන් ඉන්න එක හොඳයි.(ම)