යේමනයේ වැඩිහිටි නිවාසයක කන්‍යා සොයුරියන් හතර දෙනකු ඇතුළු 16 දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කරයි. යේමනයේ ඊඩ්න් වරාය නගරයේ පිහිටි මේ වැඩිහිටි නිවාසයට ඇතුළු වූ අවිගත් පුද්ගලයකු කාමරයෙන් කාමරයට යමින් මොවුන්ට වෙඩි තබා ඇතැයි එරට පොලිසිය පවසයි.
කන්‍යා සොයුරියන් හතර දෙනාම විදේශිකයන් බවත් රුවාන්ඩා, ඉන්දියාව, කෙන්යාව යන රටවලින් පැමිණ සිටි අය බවත් එරට රජය පවසයි. ඝාතනයට ලක්වූ සියළු දෙනාගේ ම හිසට වෙඩි තබා ඇතැයි ද අපරාධ පරීක්ෂකවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සියලු දෙනාටම මොක් සුව ලැබේව!! (නි)