IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඝණ්ඨාරය සොයා ගඟේ කිමිදෙති

ලොව විශාලතම යැයි කියන ටොන් 270 ක් බරැති තඹ ඝණAඨාරයක් සොයා මියන්මාර කිමිදුම්කරුවෝ මේ දිනවල රැන්ගුන් නදිය පීරමින් සිටිති.

15 වැනි සියවසේ මියන්මාරය පාලනය කළ දම්මසෙදි රජුගේ උපදෙස් පරිදි නිපදවා ඇතැයි කියන මේ ඝාණ්ඨාරය වසර 130 කට පසුව පෘතුගීසි ජාතිකයෙකු සොරාගෙන එය උණු කර කාලතුවක්කු සෑදීම සදහා රැගෙන යමින් සිටියදී රැන්ගුන් නදියේ නැව ගිලී ගිය බව මියන්මාර ඉතිහාසයේ සදහන්වේ.

මෙම ඝණ්ඨාරය සොයාගත හැකිවේ නම් මියන්මාරය අතීතයේ තිබුණු වීභූතිමත් තත්ත්වයට යළිත් එසවිය හැකි වනු ඇතැයි මියන්මාර වැසියන් අතර විශ්වාසයක් පවතී.

මියන්මාරයේ ආගමික නායකයෝද මේ බැව් විශ්වාස කරන අතර මේ දිනවල ඝණ්ඨාරය සොයා සිදු කෙරෙන කිමිදුම් කටයුතු සිදු කෙරෙන්නේද ඔවුන්ගේ ආශිර්වාද මැදය.

කෙසේ නමුත් අතීතයේ සෝනාර් වැනි අති නවීන උපකරණයන් භාවිතයෙන් ඝණ්ඨාරය සොයාගැනීමට තැත් කර ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නොමැත.මෙනිසා ඇත්තටම ඝණ්ඨාරයක් නදියේ පවතින්නේදැයි සැකයක්ද ඇතැම් මියන්මාර වැසියන් අතර තිබේ.

නමුත් නැවත වරක් ඝණ්ඨාරය සොයා මෙහෙයුම් සිදුකෙරෙන අතර මේ වන විද්‍යාවට වඩා ඔවුන් තැන දී ඇත්තේ ආගම දහමටය.

කිමිදුම් කටයුතු සිදුකෙරෙන අයුරු දැක බලා ගැනීමට දහස් ගණනින් ජනතාව පැමිණෙන්නෝය.

මියන්මාරයේ ඉතිහාසඥයෙකු වන හා පසුගිය දශක කිහිපයේදී මෙම ඝණ්ඨාරය සොයා සිදුකෙරෙණු ගවේෂණ කිහිපයකටම සහභාගීව අත්දැකීම් ඇති චිට් සැන් වින් පවසන්නේ ඝණ්ඨාරය ඇතැයි තමන්ට විශ්වාසයක් තිබෙතත් ආගමික හා අධ්‍යාත්මික මෙහෙයවීමකින් එය සොයාගත හැකිවනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවයි.

0 buddhist-divers-bell



අදහස් (0)

ඝණ්ඨාරය සොයා ගඟේ කිමිදෙති

ගාමිණී සිරිවර්දන Monday, 25 August 2014 12:13 PM

ගෙම්බා,කිඹුලා,කුකුල් අඩි කොටා සලකුණු ඇති මහා පර්වත වල නිධන් හාරන්න දක්ෂ අපේ රටේ ඇත්තන්ට දුන්නානම් ඔය ඝන්ටාරය ගොඩ ගැනීම සුළු දෙයක් ! (අ)

:       0       1

සෙනරත් Monday, 25 August 2014 07:14 AM

මෙය නිකම්ම නිකම් ජනකතාවක් වියනොහැක. අතීතයේ ටොන් 270 ක ඝණ්ඨාරයක් කොහොම ගෙනවිත් නැවකට පැටෙව්වාද? (නි)

:       0       1

රූපවති Monday, 25 August 2014 12:17 PM

එහෙත් ඉන්නවා වගේ අත්භූත ..දේවල් විශ්වාශ කරන ..ලංකාවේ වගේ මෝඩ මිනිසුන් ..? ලංකාවේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ට කීවානම් ..එක රැයෙන් ඕක ගොඩගන්නවා...? (අ)

:       0       1

සදුනි Monday, 25 August 2014 07:51 AM

ඔබේ සැකය මටත් ඇතිවෙනවා සෙනරත්.නමුත් තායිලන්තයේ කිලෝ 6000 කට වඩා බර රන් ප්‍රතිමාව කොහොමද එහා මෙහා අරගෙන ගියේ..? (නි)

:       0       1

නන්ද Monday, 25 August 2014 08:34 AM

ඉක්මනින්ම ඝණ්ඨාරය හමුවේවා ! අපිටත් බලන්න ආසයි. (නි)

:       0       1

හේමන්ත Tuesday, 26 August 2014 03:25 PM

උපන් රටටත් වැදූ මවටත් හා සමානව ගරු කරන්න (අ)

:       0       1

ලක්මාල් Monday, 25 August 2014 05:04 PM

රූපවති, ඔයාගේ හෘද ශාක්ෂියට එකඟව ඉපදුන දා සිට අද වෙනතුරු කිසිම දේවාලයකට ගිහින් බාරයක් වෙලා නැද්ද? (නි)

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site