ගොළු බෙල්ලකුගේ පිටේ ගමන් කරන කුඩා ගස් ගෙම්බකුගේ අපූරු ඡායාරූපයක් මේවනවිට අන්තර් ජාලයේ ප‍්‍රසිද්ධියට පත් වී ඇත.
මෙම අපූරු දසුන ඡායාරූපයට නගා අන්තර් ජාලයට එක් කර ඇත්තේ ඉන්දුනීසියානු ඡායාරූප ශිල්පී 34 හැවිරිදි කුරිට් අෆිෂීන් බව බි‍්‍රතාන්‍යයේ ඬේලිමේල් වෙබ් අඩවිය පවසයි.
කුරිට් ඔර්ඩන් ඉන්දුනීසියාවේ ජාවාහි වන රක්ෂිතයක කළ සංචාරයකදී මෙය දැක ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙටි නින්දක්ද? වීදාබර ගතට ? නොදනීද? කටුව මත නුබ සිටින වග නොසෙලියන් තව දුරක් ... නිම්හිම්ව සතපවන්නට අපුරු ගොළු බෙලි ගෙඹි සෙනෙහ ! (අ)
මට නම් මතක් වෙන්නෙම කොයි වෙලේ බැලුවත් දේශපාලකයෙකුගේ පිට උඩ නැගගත්තු ගමන් ඉන්න අපේ පිවිතුරු යහපාලව. ඇයි ඉතින් කොයි වෙලෙත් බක බක ගාගත්තු ගමන්මනේ! (නදී)
හර්ෂ, කනිෂ්කට අචාරය ඇමරිකාවේ සිට පුදකරන්නේ ලංකාවේ මහත්මා දේශපාලනයක් ඇමරිකාවේ වාගේ තියෙලා කියලා හිතාගෙන වෙන්න ඇති.මෙහි ඇති පින්තුරය බලන ඕනෙම මොළයක් තියෙන කෙනෙකුට ලංකාවේ දැනට පවතින පොර කුකුල්, ජරාජීර්ණ දේශපාලනය මතක් වීම වැලක් වීමට නොහැක. ස්වාබාවධර්මයාගේ ආශ්චර්යයත්, සෞන්දර්යත් විඳීමට බැරි තරම් මන්දබුද්දික මානසිකත්වක් කිවකුටවත් ඇතැයි නොසිතමි. (ස)
පරිසරයේ චමත්කාරය දැක්වෙන මෙවැනි ඡායාරූපයක ඇති දැකුම්කලු බව නරඹනවා විනා එයටත් ජරාජීර්ණ දේශපාලනය ඈදා ගන්නා මන්දබුද්ධික මිනිස්සු තමයි අපේ රටේ ඉන්නේ... (නි)
හරියට මිනිසුන් හරකගෙන් ප්‍රයෝජන ගන්නවා වගේ. තමන්ගෙ ආහාරයට වගේම ගමනා ගමනයටත් යොදා ගන්න පුළුවන්. මේ ගෙම්බා එයාලගේ අලුත් පරිණාමයක ආරම්භයද? කාටද කියන්න පුළුවන් එයාල දියුණු නෑ කියලා? (නදී)
හොදටම අරක්කු බීපු මැක්කෝ දෙන්නෙක් ගෙන් එකෙක් කියනවලු මචන් පයින්ම යනවද නැත්නම් බල්ලෙක් එනකල් ඉන්නවද කියල .(බ)
නැත නැත කටුව මත නුබ සිටින වග දනී මම නුබ නිදි නැති බවත් දනිමි මම සැතපියන් නිම්හිම්ව නුබේ උණුසුමක් මම විද නැත කිසි දිනක .. (අ)
හරියට දේශපාලුවෝ වගේමයි. කාගේහරි පිට උඩින් ගිහින් වගේම දෙපැත්තට වාචාල කියවන ගෙම්බොත් ඉන්නවනේ, යුඑන්පිය ගිහිල්ල නැහැ කියකිය රූපවාහිනිය ළඟට වෙලා හෙළ ජාතිය බේද කරන කතාම කියවනවා. එවුන් ඡන්දෙ ඉල්ලන්න ගෙදරට අාවම ඉදලක් අරගෙන අතදිගඇරලා පිළිගන්න. (ස)
වේගයෙන් ඉදිරියට යන දේශපාලන දැවැන්තයෙකුගේ පිටේ නොනැග ගොලුබෙලි ගමනින් යන අයෙකුගේ පිටේ නැග ගමන් යන්න පැනපු දේශපාලන ගෙම්බෝ මතක්වුණා. (නි)
කනිෂ්කට මගේ ආචාරය ඇමෙරිකාවේ සිට (නදී)
මේ පිතුරය දිහා බැලුවාම මට මතක් වුණේ වෙන දෙයක්.ගෙම්බාගෙන් නම් ප්‍රශ්නයක් නැහැ.ගොළු බෙල්ලෝ කියන ජාතිය?පිටරටක ඉන්න මගේ, මල් වලින් පිරිච්ච පුංචි ඉඩමට කරන හානිය.නිල් පාට පුංච් ,පුංච් කැට වගයක් තියනවා මුන්ව වඳ කරන්න.තව මගේ යාලුවෙක් කීවා බියර් ටිකක් වත්තට ඉහින්න කියලා.(අ)
දිගු ගමනක කෙටි නිවාඩුවක් ලබා මුත් ඔබගේ සහයෙන් නොනැවතී ඉදිරියටම අරමුණ කරා යන්නෙමි සගයාණෙනි.(නදී)
මටවත් තනියෙන් යන්න බැරිකොට මූත් එනවා මගේ පිට උඩ යන්න. (නදී)
ජනනි,ගොලුබෙල්ලෝ ගැනනම් කියලා වැඩක් නැහැ.යාපනයේ අපේ වතුපිටි, විශාල නිසා මෙගොල්ලන්ගෙන් වගාවන්ට බලපෑම් තිබුනාට අපිට මෙහෙ තරම් කරදරයක් තිබුනේ නැහැ.මමත් ඔය කියන විදිහට බියර් බෝතලයක් කඩලා ටික, ටික වත් කරලා බැලුවා.ටික කාලයකට විතරයි.එ ගොල්ලන්ගේ ආගමනය නවත් වන්න බැහැ මේ, පින්තුරය බලන විට නම්, මගේ හිතටත් සිතුවිලි දහරාවක් ගලාගෙන අවා. මම කියන්ඩ හිතපු දේවල් අනිකුත් පාටකයන් කියලා තිබුන නිසා මොකුත් කියන්ඩ යන්නේ නැහැ. (අ)
අජිත් ප්‍රනාන්දු,ඔබේ කොමෙන්ටුව,කලාත්මකව බැලුවාම හරිම තාත්විකයි.අනිත් අතෙන් සැගවුන අරුතකුත් තිබෙන බවයි මට හැඟී යන්නේ.වෙවැනි කලාත්මක සිතුවිලි ඔබට නැවත,නැවත පහල වේවායි පතමි! (අ)
බැරි බර කරේතියන් දෙපයට වාරු අරන් අපේ බඩ කට පුරවනවා... වයිරෝ නුඹ නාඩන් හොඳ උත්සාහයක් ගනින් 17 වෙනිදා ළංවෙනවා... (නි)
කමල් ලංකාවේ තියෙන්නේ බල්ලගේ ඇඟේ එල්ලිලා යන මැක්කන්ගේ දේශපාලනය. (ස)
රුදුරු රැය බහදී කිම්ද ගොම්මනට කලියෙන් ගෙඹි රැජින කටුව මත රගන ආලිංගන ... සත්තකින් නෙත් කලුයි ..(නදී)
ඉක්මනට යන්න හිතෙන්න ඇති (නි)
සුන්දර දසුනක් පරිසරයේ අපුරුත්වය කොයිතරම් සුන්දරද? මෙහි ඇති අපුර්වත්වය දකින්න පුළුවන් වෙන්නේ පරිසරයට ආදරය කරන අයට පමණයි (ම)
හරියට අපේ දේශපාලුවෝ වගේමයි. කාගේහරි පිට උඩින් ගිහින්, යන්න ඕනෑ තැනට ළඟාවීමට දන්නා අපේ අය වගේම මේ ගෙම්බත් දක්ෂයෙක් වගෙයි..... (නි)
මට මේක දැක්කහම මතක්වුණේ දේශපාලන ජීවිතයේ පැරදුන කෙනෙක් උඩ නැගලා ඉන්න ගෙම්බෝ සෙට් එකක්. (නි)
හරිම අස්වාභාවික දසුනක්.ගොළුබෙලි ගමනින් යන්න ඕනෑද ගෙම්බාට?ගස් ගෙම්බෝ පැන පැනනේ යන්නේ අපේ රටේ දේශපාලුවෝ වාගේ. අනේ මන්දා මට නම් බලද්දී එතරම් පැහැදීමක් නම් නැහැ. (නි)
මෙවැනි එළිදැක්වීම් ආවට ගියාට දාන ඒවා නොවෙයි, අන්තර් ජාලය (නදී)
මේ ගෙම්බා පුද්ගලික බස් වලට ගොඩවුණ අපි වගෙයි (නි)