බ්‍රසීලයේ මධ්‍යම ප්‍රදේශයේ ටොකැන්ටිස් පළාතේ ශාන්ත මරියා  ගුහාවක ආගමික උත්සවයක් පැවැත්වෙමින් තිබියදී ගුහාව කඩාවැටීමෙන් දහදෙනකු මියගොස් ඇතැයි බ්‍රසීල පොලීසිය පවසයි. සිද්ධියෙන් හතරදෙනකු පමණ තුවාල ලබා ඇති බවත් වාර්තා වේ.

සියලු සාන්තුවරුන්ගේ දිව්‍ය සැමරීමට පැමිණි 50ක පමණ පිරිසක් අනතුර සිදුවන අවස්ථාවේ ගුහාව තුල ඉටිපන්දම් දල්වාගෙන යාච්ඥා කරමින් සිට ඇත. පොලීසිය පවසන්නේ අනතුරට හේතුව කුමක්දැයි පැහැදිලි නැති බවයි.

d sd Untitled-1