බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ ග්‍රහණයේ පවතින ප්‍රදේශයක සිරකරගෙන සිටි ගැහැනු ළමයින් 200ක් හා කාන්තාවන් 93 දෙනකු නයිජීරියා හමුදාව විසින් සිදුකරණ ලද මෙහෙයුමක දී නිදහස් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාධ්‍ය වාර්තා කරන්නේ 2014 දී නයිජීරියාවේ චිබොක් නගරයේ පාසලකින් පැහැරගත් ගැහැනු ළමයි මුදාගත් මේ පිරිස අතර නොමැති බවයි.
නයිජීරියා හමුදා පවසන්නේ මෙම ගැහැනු ලමයින් සහ කාන්තාවන් නිදහස් කර ගනු ලැබුවේ සැම්බිසා වනාන්තරයේ බොකෝ හරාම් කැරලි කරුවන්ට අයත් ව තිබූ කඳවුරු හතරක් තමන් විසින් අත්පත් කර ගැනීමෙන් පසුව බවයි.
හමුදා ප්‍රකාශක පවසන්නේ නිදහස් කරගත් පිරිසෙන් තවමත් ප්‍රශ්න නොකළ බවයි. මෙම මෙහෙයුමේදී අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක්ද නයිජීරියා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහෙයුමේ අණදෙන්නා ලෙස කටයුතු කරණ ලද ජෙනරාල් ක්‍රිස් ඔලුකොලඩෙ පවසන්නේ බුද්ධි අංශ මගින් ලබාදුන් නිවැරදි තොරතුරු හේතුවෙන් මෙම කඳවුරු අත්පත් කර ගැනීමට හැකිවු බවයි. මෙම කඳවුරු හතරට ගොඩබිමෙන් සහ ගුවන් හමුදාව මගින් ප්‍රහාර එල්ල කර තිබේ.
පාසැල් සිසුන් පැහැර ගැනිම හේතුවෙන් ලෝක අවධානය නයිජීරියාව වෙත එල්ල විය. ඇමරිකාව සහ චීනය ඇතුළු ජාතීන් කිහිපයක් පැසැල් සිසුවියන් බේරා ගැනීමේ කටයුතු වලට සහාය වීමට කැමැත් පල කලත් අද වනතුරු එම සිසුවියන් ගෙන් එක් අයෙක් හෝ සොයා ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය. නයිජීරියාවේ අසල් වැසි රාජ්‍යයන් වන නයිගර්, කැමරන් හා චැඩ් යන රටවලට ද බොකෝ හරාම් කැරලිකරුවන්ගේ සටන් පැතිරී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොප්පි කාරයෝ අඩනවා ඇති!! (බ)
පව් අපේ කට්ටියට දුක ඇති දැන් !!!! (බ)
උමතු මිනිසුන්ගේ සමනළ දඩයම (නි)
මේ රටත් ඔය දුක වින්ද කලකට පෙර .(හේ)