IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගැහැනු ළමෝ 200ක් යළි එති

බොකෝ හරාම් ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමේ ග්‍රහණයේ පවතින ප්‍රදේශයක සිරකරගෙන සිටි ගැහැනු ළමයින් 200ක් හා කාන්තාවන් 93 දෙනකු නයිජීරියා හමුදාව විසින් සිදුකරණ ලද මෙහෙයුමක දී නිදහස් කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාධ්‍ය වාර්තා කරන්නේ 2014 දී නයිජීරියාවේ චිබොක් නගරයේ පාසලකින් පැහැරගත් ගැහැනු ළමයි මුදාගත් මේ පිරිස අතර නොමැති බවයි.

නයිජීරියා හමුදා පවසන්නේ මෙම ගැහැනු ලමයින් සහ කාන්තාවන් නිදහස් කර ගනු ලැබුවේ සැම්බිසා වනාන්තරයේ බොකෝ හරාම් කැරලි කරුවන්ට  අයත් ව තිබූ කඳවුරු හතරක් තමන් විසින්  අත්පත් කර ගැනීමෙන් පසුව බවයි.

හමුදා ප්‍රකාශක පවසන්නේ නිදහස් කරගත් පිරිසෙන් තවමත් ප්‍රශ්න නොකළ බවයි. මෙම මෙහෙයුමේදී අවි ආයුධ සෑහෙන ප්‍රමාණයක්ද  නයිජීරියා හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහෙයුමේ අණදෙන්නා ලෙස කටයුතු කරණ ලද ජෙනරාල් ක්‍රිස් ඔලුකොලඩෙ පවසන්නේ බුද්ධි අංශ මගින් ලබාදුන් නිවැරදි තොරතුරු හේතුවෙන් මෙම කඳවුරු අත්පත් කර ගැනීමට හැකිවු බවයි. මෙම කඳවුරු හතරට ගොඩබිමෙන් සහ ගුවන් හමුදාව මගින් ප්‍රහාර එල්ල කර තිබේ.

පාසැල් සිසුන් පැහැර ගැනිම හේතුවෙන් ලෝක අවධානය නයිජීරියාව වෙත එල්ල විය. ඇමරිකාව සහ චීනය ඇතුළු ජාතීන් කිහිපයක් පැසැල් සිසුවියන් බේරා ගැනීමේ කටයුතු වලට සහාය වීමට කැමැත් පල කලත් අද වනතුරු එම සිසුවියන් ගෙන් එක් අයෙක් හෝ සොයා ගැනීමට කිසිවෙකුටත් නොහැකිවිය. නයිජීරියාවේ අසල් වැසි රාජ්‍යයන් වන නයිගර්, කැමරන් හා චැඩ් යන රටවලට ද බොකෝ හරාම් කැරලිකරුවන්ගේ සටන් පැතිරී ඇත.



අදහස් (0)

ගැහැනු ළමෝ 200ක් යළි එති

අතුල Thursday, 30 April 2015 11:17 AM

තොප්පි කාරයෝ අඩනවා ඇති!! (බ)

:       0       0

බටුගෙදර Thursday, 30 April 2015 05:13 AM

පව් අපේ කට්ටියට දුක ඇති දැන් !!!! (බ)

:       0       0

ඉඳුනිල් Thursday, 30 April 2015 01:43 PM

උමතු මිනිසුන්ගේ සමනළ දඩයම (නි)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 05:49 AM

මේ රටත් ඔය දුක වින්ද කලකට පෙර .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 609 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site