කාන්තාවන්ට වෙන්වූ පොලිසි ආරම්භ කිරීමට ඉන්දියාවේ හර්යාන ප්‍රාන්තය කටයුතු යොදා ඇත. එහි පළමු පොලිස් ස්ථානය අගෝස්තු 28 දින ආරම්භ කැරිණි. පොලිස් පරීක්ෂකවරියක්, කොස්තාපල්වරියන් විසිහත් දෙනකු එම පොලිස් ස්ථානයට අනුයුක්ත කැර ඇත.
කාන්තා පොලිසියේ පිහිට පතා එන කාන්තාවන්ටට මානසික සහන ලබාදීමට උපදේශක සේවා, නෛතිකය සේවා සහ පුනරුත්ථාපන සේවා සපැයීමට ද රාජ්‍ය නොවන සංවිධානවල සහය ලබා ගැනීමටත් කටයුතු කරන බව පොලිස් අධිකාරී නව්දීප් සිං බි.බී.සී පුවත් සේවය සමග කියා ඇත.
හර්යානා ප්‍රාන්තය ඉන්දියාවේ බහුලව රැකියා උත්පාදනය කරන කර්මාන්තශාලා සහිත ප්‍රදේශයකි.
ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ හර්යානා ප්‍රාන්තයේ දෑවැද්ද ඉල්ලා වද හිංසා සිදු කිරීම් 3501ක් දූෂණ සිද්ධි 1174ක් සමූහ දූෂණ 230ක් ඇතුළු කාන්තාවන්ට එරෙහි අපරාධ 8974ක් සිදුව ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැහැණු පොලිසි පිහිටෙව්වේ නැති උනාට පොලිස් කාන්තාවෝ ඉන්නේ ඒ රාජකාරිය කරන්න.මේ වැඩෙන් වෙන්නේ ගැහැණු පොලිසිවලටත් ආරක්ෂාව සපයන්න වෙනවා පොලිස් දෙපාර්තමේන්තුව මගින්. (අ)
ගැහැණියයි මිනිහයි රණ්ඩු වුණාම කොහොමද මේ පොලීසිය රාජකාරි කරන්නෙ කියලා මට හිතාගන්න බැහැ. (නි)
ලංකාවෙත් පිහිටෙව්වා නම් ගොඩක් හොඳයි (නි)