‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට ලබා දෙන එන්නත් ලබා ගන්නැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රිපබ්ලිකන් ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහාය දක්වන, ඔහුගේ රිපබ්පලිකන් පාක්ෂික ආධාරකරුවන් බොහෝ දෙනකු එන්නත් ලබා ගැනීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබේ. ඒ, එන්නත් සම්බන්ධයෙන්, ට්‍රම්ප් වැඩි කැමැත්තක් නොදක්වන බැවිනි.
එන්නත් සම්බන්ධයෙන් පමණක් නොව, ‘කොවිඩ් 19’ වසංගතය සම්බන්ධයෙන් ද ට්‍රම්ප් ජනපති ධුරයේ සිටිද්දී ලිහිල් ප්‍රතිපත්තියක් දැරුවේය. ඇමෙරිකාවේ කොරෝනා ඉහවහා ගියේත්, ආසාදිතයන් වැඩි වූයේත් එහෙයිනි.
පසුගිය නොවැම්බරයේ පැවැත්වුණු ජනාධිපතිවරණයට ඔන්න මෙන්න කියා තිබියදී ට්‍රම්ප් ද කොරෝනා ආසාදිතයකු බව තහවුරු විය. කෙසේ නමුත්, පර්යේෂණ මට්ටමේ පවතින ඖෂධ ලබා ගැනීමෙන් දින 4 ක් වැනි කෙටි කාලයකින් වයිරසය පරාජය කිරීමට ට්‍රම්ප් සමත් විය.
ට්‍රම්ප් හිතවාදී රිපබ්ලිකන් පාක්ෂික ඇමෙරිකානුවන් එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරද්දී, ඇමෙරිකන් බෝවන රෝග වැළැක්වීමේ විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි, ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ, එන්නත ලබා ගන්නැයි රිපබ්ලිකන් ආධාරකරුවන්ට පවසන ලෙසය.‘
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd