IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගැහැණියකට බැන බඩ පුරා කයි

රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී කාන්තාවන් හා සංවාදයේ යෙදීම තමන්ට තරම් නොවන බව සදහන් කළ දැඩිමතධාරී ඉස්ලාමික වියතෙකුට එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදිනියගෙන් කනපුරා අසාගැනීමට සිදුවිය.

ලෙබනනයේ අල් ජරීඞ් රූපවාහිනිී සේවාව ඔස්සේ විකාශනය කෙරුණු මෙම වැඩසටහනේදී එය මෙහෙයවූ රීමා කරාකි නම් මාධ්‍යවේදිනිය අයිඑස් සංවිධානයට වෙනත් ආගම් අදහන පුද්ගලයින්ද එක්වීමේ ප‍්‍රවණාවක් ඇතිවෙමින් තිබීම සම්බන්ධයෙන් විවිධ පුද්ගලයින්ගෙන් කරුණු විමසුවාය.

ලන්ඩනයේ පදිංචිව සිටින ඉස්ලාමික වියතෙකුගෙන් මේ පිළිබඳ ඇය තොරතුරු විමසමින් සිටියදී ඔහු ඇයගේ ප‍්‍රශ්න වලට පිළිතුරු නොදී වෙනත් පෙදෙසකට කතාව රැගෙන යෑමට තැත් කළ අතර ඇය ඊට ඉඩ නොදුන්නාය.

මෙහිදී දැඩි සේ කෝපයට පත්වූ ඔහු තමන් තමන්ට කැමති දේ පවසන බවත් එය අසා සිටින ලෙසත් ඇයට තර්ජනය බැණවැදුනේය.

නැවතත් ඇය ඉතාම විනීතව හා මනා සංයමයෙන් යුතුව වැඩටසහනට ඇත්තේ සීමිත ගුවන්කාලයක් බවත් එ නිසා මාතෘකාවට අදාළ අදහස් දැක්වීම වැදගත් බවත් ඔහුට පෙන්වා දුන්නාය.නමුත් ඇයට ඇහුම්කන් දුන්නේ ඔහු නොවේ.

මා වැනි කෙනෙකුට උපදෙස් දෙන්න කාන්තාවක් වන ඔබ කවුද? ඔහු විමසුවේය.

එය අසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බවක් පෙනුනු රීමා කරාකි වැඩටහන මෙහෙයවන්නේ තමන් බවත් එනිසා තමන් අසන ප‍්‍රශ්න වලට පිළිතුරු දිය යුතු බවත් පැවසුවාය.

කාන්තාවන් පහත් කොට සළකන පුද්ගලයෙකු හා සංවාදයේ යෙදීමට තමන්ද මෙම වැඩසහටන නරඹන ප්‍රෙක්ෂකයින්ද අකැමැති බව ඔහුගේ මුහුණටම පවසා සිටි ඇය සබදතාවය විසන්ධි කළාය.

මේ සියල්ල සජීවීව විකාශනය කෙරුණි.

රීමා කරාකි අගයමින් ලොව සියලූදෙසින් ඇයට සුභපැතුම් ගලා එමින් තිබෙන අතර කාන්තාවන් වෙනුවෙන් හඩ නැගීම නිසා ඇයට විශාල ප‍්‍රසාදයක් මේ වන විට හිමිව තිබේ.

කාන්තා හිංසනය හා කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය පිටුදැකීමට දැන් කාන්තාවන් පෙරට වඩා ඉදිරියට පැමිණ කි‍්‍රයාකරමින් සිටින බව මෙය උදාහරණයක් ලෙස ගෙන පෙන්වන විචාරකයින් කියයි.

නමුත් දැඩිමතධාරී ආගමික නායකයින් හා වෙනත් කණ්ඩායම් තවමත් තමන්ගේ පිළිවෙත් වෙනස් කරගෙන ඇති සෙයක් පෙනෙන්නට නොමැත.

2675C2EC00000578-0-image-a-3_1425891206406 2675C3F400000578-2986066-London_based_Sheik_Al_Seba_i_then_rudely_tells_the_TV_host_to_sh-m-3_1425893797970 2675C42800000578-2986066-Lebanese_TV_host_Rima_Karaki_is_being_praised_on_social_media_fo-m-2_1425893669261



අදහස් (0)

ගැහැණියකට බැන බඩ පුරා කයි

රජින්ද Wednesday, 11 March 2015 01:24 PM

ඔය දැඩිමතධාරියා තනිකරම උමතුවෙක් වෙලා අදහස් දක්වන්නේ. මිනිහා බයයි මිනිහට උගන්වලා තියෙන දේට පිටින් හිතන්න. මේක බලනකොට මට හිතුනෙනම්, ඔය මනුස්සයා නුගත් සමාජ ආශ්‍රයක් නැති අයෙක් කියලයි. (අ)

:       0       0

ගමගේ Thursday, 12 March 2015 08:25 AM

ඕපපාතිකව උපන් කෙනෙක් වෙන්නැති.(බ)

:       0       0

සොපී Tuesday, 10 March 2015 12:18 PM

කාන්තාවන්ට නින්දා කරන්නේ මෙයා අම්මා කෙනෙකුගෙන් නොවේද බිහිවුණේ? අහසින් පාත්වුණ කෙනෙක්ද? (නි)

:       0       0

ප්‍රියමාල් ජයතිලක Saturday, 14 March 2015 05:21 PM

සමහර ආගම් වල අන්තවාදීන් කාන්තාව පහත් යැයි සම්මතයක් ගොඩනගල තියෙනව. ඒ වගේම කාන්තාව පිරිමියා කියන දේට වැඩියෙන් දෙයක් නොකිවයුතුයි කියල හිතනවා. (නදී)

:       0       0

සමන් Tuesday, 10 March 2015 05:20 PM

කොහොමත් මේ වගේ මතධාරී මිනිස්සු කවදාහරි ගුටිකන්නේ ගැහැණුන්ගෙන් තමයි! (නි)

:       0       0

නාලනී Tuesday, 10 March 2015 07:13 PM

මාධ්‍යවේදිනියක් ලෙස මෙම කාන්තාව දෙපැත්තේම අදහස් වලට ඉඩදිය යුතුව තිබුනා නේද? (නි)

:       0       0

සමිර Tuesday, 31 March 2015 06:39 AM

සමහර මාධ්‍ය ආයතන ජනප්‍රිය වෙන්නත් මේ වගේ දෙවල් නිර්මාණය කරනවා. (ස)

:       0       0

ක්‍රිෂාන්ත Saturday, 14 March 2015 10:15 PM

හොඳ වැඩේ (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 11 March 2015 02:51 AM

ලංකාවේ එක සිංහල රුපවාහිනී චැනලයක ඔය වගේ දක්ෂ මාධ්‍යවේදිනියක් මෙහෙයවන වැඩසටහනක් තිබුනා.එහිදීත් සමහර දේශපාලකයින් අහන ප්‍රශ්නවලට හරි පිළිතුරක් නොදී, එම මාධ්‍යවේදිනියට තර්ජනාත්මකව කතා කළ අවස්ථාත් තිබුනා. හැබැයි මේ දවස්වල එම වැඩසටහන තිබුනට, අර මාධ්‍යවේදිනිය නම් දකින්න නැහැ. (නි)

:       0       0

නුවන් Sunday, 15 March 2015 05:35 AM

අනේ කෝ මේ අර ඊශ්‍රායල් රටට පහුගිය ටිකේ බැනපු අය?(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 15 March 2015 07:52 AM

කොහොමත් මුස්ලිම් ආගමට අනුව ගැහැණියට පිරිමින් සමග එකට එක කතා කිරීම සපුරා තහනම් වේ ? (ම)

:       0       0

කාන්ති Thursday, 12 March 2015 03:29 PM

හොඳ වැඩේ! (නි)

:       0       0

අශෝක රළපනාව Tuesday, 10 March 2015 06:34 AM

හොද වැඩේ වෙලා තියෙන්නේ. මෙයාලා හැමදාම කරන්න හදන්නේ එයාලට ඕන දේම විතරයි. (ර)

:       0       0

රොහාන් Wednesday, 11 March 2015 08:40 AM

නාලනී, ගැහැනියගේ විමුකිය වෙනුවෙන් හඩ නැගු මේ කාන්තාව අගය නොකර විවචනය කරන්නේ ඇයි.? (ර)

:       0       0

හංසිකා Sunday, 15 March 2015 02:16 PM

ඉස්සර සොපියෝ ටිකයි ගොවියෝ ටිකයි වෙන නම් වලින් ෂොපින් යනවා (නදී)

:       0       0

දර්ශා Wednesday, 11 March 2015 12:54 PM

අවිශ්වාස කරන්නවුන්ගේ කාන්තාවන් දුෂණය කරන්නද ? කියන්නේ ?(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site