
ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී, ගාසා තීරය සඳහා පදින දෙකක සටන් විරාමයක් යෝජනා කර ඇත.
එම දෙදින සටන් විරාමය අතරතුරේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල වැසියන්ගෙන් සිවු දෙනකු නිදහස් කෙරුණු ඇති බවත්, එම සිවු දෙනා වෙනුවෙන් ඊශ්‍රායල රජය එරට බන්ධනාගාරගතව සිටින පලස්තීනුවන් පිරිසක් මුදා හැරීමට නියමිත බවත් ඊජිප්තු ජනාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. ඊශ්‍රායල හමාස් ගැටුම් සම්බන්ධයෙන්, ඊජිප්තුව සැමවිටම මැදිහත් වෙයි. ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා අල් සීසී පැහැදිලි කර ඇත්තේ ඉදිරි දින 10 ඇතුළත මෙම දෙදින සටන් විරාමය ආරම්භ වනු ඇතැයි තමන් විශ්වාස කරන බවය.
සටන් විරාමය සම්බන්ධයෙන් තමන් මැදිහත් වී, ඊශ්‍රායල සහ හමාස් බලධාරීන් සමඟ දිගටම සාකච්ඡා කරමින් සිටින බව ද ඊජිප්තු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.
ඊජිප්තු ජනාධිපතිවරයා මේ ගැන මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ ඊජිප්තුවේ සංචාරයක් සඳහා පැමිණි ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙල්මඩ්ජීද් තෙබෝන් හමුවී, ඔහු ද සමඟ එම මාධ්‍ය හමුවට එක් වෙමිනි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසාවට දෙදින සටන් විරාමයක්