ඊශ්‍රායල හමුදා ඉවත් වී, සාම ගිවිසුමට අස්සන් තැබීමෙන් පැය කීපයක් යද්දී, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වූ බව ද වාර්තා වේ. හමාස් සංවිධානය ප්‍රසිද්ධියේ මරණ දඩුවම ක්‍රියාත්මක කළ බව ද පැවැසෙයි.

පුද්ගලයන් අට දෙනකු ප්‍රසිද්ධියේ වීදියක දණ ගස්වා වෙඩි තබා මරා දමන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පෙළක් ද මේ වනවිට ප්‍රසිද්ධියට පත්ව ඇත. හමාස් සංවිධානය පවසා ඇත්තේ තමන්ට විරෝධය දක්වන ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායමක් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බවය.