IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගසක් වැටී මැඩේරාහී 13ක් මිය යති

පෘතුගිසියට අයත් මැඩේරා දූපතේ ක්‍රිස්තියානි ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක රැස්ව සිටි පිරිසක් මතට ගසක් කඩාවැටීමෙන් 13දෙනකු මියගොස් 49දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දසදෙනකු එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් අනෙක් තිදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.
තුවාල ලැබූ අය අතර ජර්මානු හා ප්‍රංශ ජාතික සංචාරකයන් ද සිටින බව වාර්තා වෙයි.

මැඩේරාහි ප්‍රධාන නගරය වන ෆන්චල්  ආසන්නයේ කඳුගැටයක පිහිටි සිද්ධස්ථානයක මෙම අනතුර සිදුවී තිබේ. මෙය මැඩේරා දූපතේ රෝමානු කතෝලික ජනතාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශාලම ආගමික උත්සවයයි.

කඩාවැටී ඇත්තේ වසර 200ක් පමණ පැරණි ඕක් ගසකි. එම ගසේ කඳෙහි විශාල කුහරයක් සෑදී තිබුණු හෙයින් මුක්කු ගසා තිබුණු බවද පැවසේ.

(එබීසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

ගසක් වැටී මැඩේරාහී 13ක් මිය යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site