පෘතුගිසියට අයත් මැඩේරා දූපතේ ක්‍රිස්තියානි ආගමික උත්සවයක් පැවැත්වෙන අවස්ථාවක රැස්ව සිටි පිරිසක් මතට ගසක් කඩාවැටීමෙන් 13දෙනකු මියගොස් 49දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

දසදෙනකු එම ස්ථානයේදීම මියගොස් සිටි බවත් අනෙක් තිදෙනා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.
තුවාල ලැබූ අය අතර ජර්මානු හා ප්‍රංශ ජාතික සංචාරකයන් ද සිටින බව වාර්තා වෙයි.

මැඩේරාහි ප්‍රධාන නගරය වන ෆන්චල්  ආසන්නයේ කඳුගැටයක පිහිටි සිද්ධස්ථානයක මෙම අනතුර සිදුවී තිබේ. මෙය මැඩේරා දූපතේ රෝමානු කතෝලික ජනතාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන විශාලම ආගමික උත්සවයයි.

කඩාවැටී ඇත්තේ වසර 200ක් පමණ පැරණි ඕක් ගසකි. එම ගසේ කඳෙහි විශාල කුහරයක් සෑදී තිබුණු හෙයින් මුක්කු ගසා තිබුණු බවද පැවසේ.

(එබීසී පුවත් ඇසුරිණි - 085)