
ගාසා තීරයේ, ජබාලියා නගරයේ පිහිටි සරණාගත කඳවුරට ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාරයකින් සරණාගත කඳවුරේ සිටි 90 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම පිරිස අතර කුඩා දරුවන් සහ කාන්තාවන් ද සිටින බව පැවැසෙයි. ඊශ්‍රායල ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කි.
ඊශ්‍රායල හමුදාව ජබාලියා සරණාගත කඳවුරට මෙසේ පහර දී ඇත්තේ හමාස් සටන්කාමීන් එම කඳවුරේ සිට ඊශ්‍රායල හමුදාවට පහර දුන් නිසා යැයි පැවැසෙයි.
කෙසේ නමුත්, ඊශ්‍රායල ප්‍රහාරයෙන් පලස්තීන කාන්තාවන් සහ දරුවන් මියයෑම කිසිසේත් අනුමත කළ නොහැකි බව ප්‍රංශය පවසා ඇත. ගාසා තීරයේ ගැටුම් නවත්වා ස්ථිරසාර සටන් විරාමයක් වහා ආරම්භ විය යුතු යැයි ප්‍රංශය අවධාරණය කර තිබේ.
මේ වනවිට ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට පලස්තීනුවන් 19,000 ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd