
ගාසා තීරයේ කාන් යූනිස් නගරයේ රෝහලක් අසලින් හමුවුණු සමූහ මිනීවල සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් සිදු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරේස් පවසයි.
ගාසා තීරයේ පලස්තීනුවන් චෝදනා නගා ඇත්තේ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ මියගිය පලස්තීන වැසියන්ගෙන් මෙම මිනීවල පිරී ඇති බවය. ජගත් අධිකරණ වෛද්‍ය පරීක්ෂණ කණ්ඩායමක් වහා ගාසා තීරයට යා යුතු බවත්, අපක්ෂපාතී පරීක්ෂණ කඩිනමින් ආරම්භ විය යුතු බවත් ජගත් මහ ලේකම්වරයා අවධාරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd