ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් සටන් විරාම සාකච්ඡා අසාර්ථකවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි. හමාස් සටන්කාමීන් පවසන්නේ ඊශ්‍රායලය කොන්දේසි සහිතව සාකච්ඡාවලට පැමිණෙන්නේනම් තමන් ඉන් ඉවත්වන බවයි.
ඊශ්‍රායලය පවසන්නේ සාකච්ඡාවට ඒමටනම් හමාස් සටන්කාමීන් රොකට් ප්‍රහාර නවතා දැමිය යුතු බවයි. ඊශ්‍රායලය හා හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් පැවතිය යුතු බව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා ජර්මනිය දන්වා සිටියි. පසුගිය සතියේ ප්‍රකාශකළ පැය 72ක සටන් විරාමය ද අසාර්ථක වී තිබිණි. ඒ සටන්විරාමය ප්‍රකාශයට පත්කළ කාලයේ එල්ලවූ ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීනුවන් නම දෙනකු හෝ මියයන්නට ඇතැයි ගාසාහි වෛද්‍ය අංශ පවසයි.
සටන් විරාම කාලයේ දී දකුණු දිග ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 27 ක් එල්ල කර ඇති බවත් ඊශ්‍රායල් ගුවන් හමුදාව ගාසා හි ඉලක්ක 20 කට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ජූලි මස මුල් සතියේ සිට මේ දක්වා ගැටුම් වලින් 2000ක් පමණ මියගොස් ඇත. එක්සත් ජාතීනගේ සංවිධානය පවසන්නේ ඉන් වැඩි පිරිසක් සිවිල් වැසියන් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධනංජනා ඔයාට හිතක් පපුවක් නැතිද ? (නදී)
කමක් නැහැ මැරුණම කෙහෙට හරි යයිනේ (නදී)
දෙවියනේ මේකට විසදුමක් ඉක්මනට ලබාදෙන්න පව් අහිංසක වැසියන්ගේ ජිවිත. විශේෂයෙන් පොඩි දරුවන්ගේ ජිවිත. (නදී)
ඔබල දන්නවද මේ අන්තවාදය මුළු ලෝකයම ගිලගනිමින් ඉන්න බව. අද හැම කලාපයකම අන්තවාදීන් නිසා ප්‍රශ්න. මේකට එකම හේතුව මිනිස් සාරධර්ම මුල් කරගන්නේ නැතුව සියල්ල දෙවියන් මුල් කරගෙන තීරණ ගැනීම. මේ තත්වය ඉක්මනින් වෙනස් විය යුතු කාලය දැන් ඇවිත් (නදී)
රොකට් ප්‍රහාර නවත්තන්න තරම් බලයක් කාටවත් නැහැ වගේ. (නදී)
යුධ ගිනි දැල් ඉක්මණින් නිවේවා! (නි)