
ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය සාර්ථකව ක්‍රියාත්මක වෙද්දී, ගාසා තීරයේ රෆා දේශසීමාව මේ වනවිට විවෘත වී ඇත.
රෆා යනු, ගාසා තීරය සහ ඊජිප්තුව අතරේ ඇති දේශසීමා පිවිසුමය. රෆා දේශසීමා පිවිසුම් මෙසේ යළි විවෘත වූයේ මාස 9 කින් පසුව යැයි ද පැවැසෙයි.
දේශසීමා පිවිසුම විවෘත වූයේ ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් තුවාල ලබා සිටින කාන්තාවන් සහ කුඩා දරුවන් වෙනුවෙන් යැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
දේශසීමා පිවිසුම විවෘත වූ සැණින්, තුවාල ලැබූවන් සහ රෝගී පුද්ගලයන් 50 දෙනකු සහ ඔවුන්ගේ පිහිටට සිටින 61 දෙනකු ඊජිප්තුවට පැමිණි බවත්, ඔවුන්ට අවශ්‍ය සහාය කඩිනමින් ලැබුණු බවත් පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd