ගාසා තීරයේ පලස්තීනුවන්ට, පවුම් මිලියන 20 ක ආධාර ලබා දීමට කටයුතු කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියෙර් ස්ටාර්මර් පවසයි. 

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, ගාසා යුද්ධය අවසන් කිරීමේ ලෝක නායකයන්ගේ සමුළුවට සහභාගීවීම සදහා ඊජිප්තුවේ ෂර්ම් එල් ෂෙයික් නගරය බලා පිටත් යෑමට ගුවන්ගත වෙමිනි.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට නිරන්තරයෙන් එල්ල වන කෙණෙහිලිකම් සම්බන්ධයෙන්, පසුගිය කාලයේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා හඬ නැගුවේය. පසුගිය දා පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව, පලස්තීනය රාජ්‍යයක් ලෙස පිළිගත් යුරෝපා බටහිර රටවලින් එකක් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයයි.