IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ගාසා පැය 12 කට නිහඬයි

යුද ගැටුම් ඇතිවෙමින් තිබෙන ගාසා තීරය දින 19ට පසු අද නිහඬ වුව ද ඒ නිහඬ බව දෙපාර්ශවය විසින්ම කඩ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රටවල් කිහිපයක මැදහත් වීමෙන් පසු ලන්ඩන් වේලාවෙන් අළුයම පහේ සිට පැය 12 ක කාලයක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කැරිණි.

මේ කාලයේ දී ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී තිබූ මළ සිරුරු 1000ක් පමණ ඉවත් කිරීමේ කටයුතු සිදුකැරිණි. සෞඛ්‍ය සේවකයන් පවසන්නේ මෙතෙක් පැවති යුද ගැටුම්වලින් පලස්තීනුවන් 900ක් හා ඊශ්‍රායල ජාතික සිවිල් වැසියන් තිදෙනකු හා ඊශ්‍රායල හමුදා භටයන් 47 දෙනකු මියගොස් ඇති බවයි. දකුණු ගාසා හි ඛාන් යූනුස් ගම්මානයේ එකම පවුලක 18 දෙනකු මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

සටන් විරාමය ක්‍රියාත්මක කාලයේ දී පලස්තීන ජාතිකයෝ සිය නිවෙස්වලට සිදුවූ දෙය බැලීමට පැමිණ සිටි අතර ඊශ්‍රායල හමුදා දේශසීමා ආසන්න උමං මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරදින සවස සිය ගණනක් පලස්තීන ජාතිකයෝ පස්වරුවේ ඉස්ලාම් ආගමික යාඥාවලින් පසු නැගෙනහිර ජෙරුසෙලමේ සම්ප්‍රදායික උද්ඝෝෂණයක නිරතවී සිටියහ.

එම උද්ඝෝෂණය මැඩලීම සඳහා කැරළි මර්ධන පොලිස් නිලධාරීන් 1500ක් සූදානම් කැර තිබිණි. ලෝක නායකයෝ ප්‍රංශයට එක්ව සටන් නැවැත්වීමට ඇති මඟක් ගැන සාකච්ඡා පවත්වති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සටන් විරාමය පැවති කාලයේ දී ද දෙපාර්ශවය ම සටන් විරාම ගිවිසුම් කඩකැර ඇති බවයි. අවස්ථා කිහිපයක් ම විශාල දුම් වලා අහසට නැගෙන අයුරු නිරීක්ෂණය කර ඇත.

article-2705315-1FFFF0F400000578-226_964x634 article-2705315-1FFFF99700000578-986_964x497 article-2706494-1FFFD40400000578-656_964x616 article-2706494-1FFFF3AF00000578-911_964x639 article-2706494-1FFFF54F00000578-449_964x677 article-2706494-2000A4A300000578-445_964x621 article-2706494-2000B70000000578-693_964x643 article-2706494-2000B98700000578-770_964x636 article-2706494-2000C7CE00000578-468_964x641 article-2706494-2000C76700000578-362_964x631 article-2706494-2000E98500000578-352_964x655 article-2706494-20005C3000000578-656_964x603 article-2706494-20006BB900000578-686_964x577 article-2706494-20006BBD00000578-794_964x609 article-2706494-20009E9200000578-932_964x667 article-2706494-20009ED500000578-834_964x643 article-2706494-200047AA00000578-148_964x610 article-2706494-200051ED00000578-462_964x643 article-2706494-200052A900000578-22_964x630 article-2706494-200059E600000578-174_964x505 article-2706494-200059EA00000578-820_964x549 article-2706494-200086A000000578-75_964x628 article-2706494-2000410D00000578-762_964x645 article-2706494-2000774F00000578-623_964x643 article-2706494-2000839F00000578-367_964x618 article-2706494-2000537500000578-101_964x643 article-2706494-2000841300000578-950_964x640



අදහස් (0)

ගාසා පැය 12 කට නිහඬයි

බන්දුල පෙරේරා Monday, 28 July 2014 01:48 AM

සදුන් නිවැරදියි.වපුරන දේ හැටියට තමයි අස්වැන්න ලැබෙන්නේ. (නි)

:       0       0

සලීත් Sunday, 27 July 2014 04:42 AM

මිනිස්සු වෙච්ච අපරාදය ගැන නෙවෙය් හිතන්නේ. අනේ මෙහම අපරාදයක්. පව් අහිංසක ජනතාව (නදී)

:       0       0

නිසාර් Sunday, 27 July 2014 06:24 AM

උඩින් ගිහින් සාමාන්‍ය ජනතාව මරණ අය නියම ත්‍රස්තයෝ. වීරයා මුහුණට මුහුණ යායුතුයි (නදී)

:       0       0

අසේල Sunday, 27 July 2014 06:42 AM

,මෙය විනාසේ ආරම්බය , ලෝක විනාසය අතලග , ඊශ්‍රයලය,බයවෙලා ඉන්නේ ගස් වර්ගයක් හිටවලා හැංගෙන්න සුදානම් වෙලයි ඉන්නේ (නදී)

:       0       0

ඇසළ Sunday, 27 July 2014 10:24 AM

මේ කීවෙනි පාරටද පිල්ලේ මේවා ගැන මුකුත් කියන්නේ නැත්තේ ඇයි. මේ වට යුධ අපරාධ කොමිසන් නැද්ද. සාක්කි කාරයෝ අවුරුදු 20 ක් යනකන් කවුද කියල කියන්නේ නැද්ද. පිල්ලේගේ පුල්ලි මතු වෙලා පෙන්නේ මේවා දකින කොට තමයි. (නදී)

:       0       0

නුවන් Sunday, 27 July 2014 10:47 AM

දෙවියෙක් නැහැ කියන එකට හොදම උදාහරණය තම මේ යුද්ධය! (නදී)

:       0       0

අබේරත්න Sunday, 27 July 2014 02:48 PM

පිල්ලේ කෝ? (නි)

:       0       0

ලාල් Sunday, 27 July 2014 02:49 PM

කණගාටුව අහිංසකයින් සහ කුඩා දරුවන් මැරෙන එක ගැනයි. (නි)

:       0       0

අයන්ත Sunday, 27 July 2014 04:50 PM

සදුන් පෙරේරා, ඔබ හරි. (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 28 July 2014 09:49 AM

තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ට බලාගන්න තමයි වෙලා තියෙන්නේ (නි)

:       0       0

යසිත Sunday, 27 July 2014 07:44 PM

සමහරුන්ගේ අදහස් දැක්කහම දුකයි (නි)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 26 July 2014 09:18 PM

මේ සාමාන්‍ය ජනතාව අහිංසක ඇති. නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ඔවුන්ට තහනම්. මෙහෙයවන අයට ඕන මේ විනාශය තමා. දැන් හැම තැනම ඊශ්‍රායලය මිනී මරනවා කියල කෑ ගහනවා. නමුත් මේ වතාවේ පටන් ගත්තේ කවුද? පලස්තීනුවන්ට අවශ්‍ය ඊශ්‍රායලය නැති කිරීම නම් ප්‍රතිපලවලට මුහුණ දිය යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2154 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site