යුද ගැටුම් ඇතිවෙමින් තිබෙන ගාසා තීරය දින 19ට පසු අද නිහඬ වුව ද ඒ නිහඬ බව දෙපාර්ශවය විසින්ම කඩ කළ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. රටවල් කිහිපයක මැදහත් වීමෙන් පසු ලන්ඩන් වේලාවෙන් අළුයම පහේ සිට පැය 12 ක කාලයක් සටන් විරාමයක් ප්‍රකාශයට පත්කැරිණි.

මේ කාලයේ දී ගොඩනැගිලි සුන්බුන් අතර සිරවී තිබූ මළ සිරුරු 1000ක් පමණ ඉවත් කිරීමේ කටයුතු සිදුකැරිණි. සෞඛ්‍ය සේවකයන් පවසන්නේ මෙතෙක් පැවති යුද ගැටුම්වලින් පලස්තීනුවන් 900ක් හා ඊශ්‍රායල ජාතික සිවිල් වැසියන් තිදෙනකු හා ඊශ්‍රායල හමුදා භටයන් 47 දෙනකු මියගොස් ඇති බවයි. දකුණු ගාසා හි ඛාන් යූනුස් ගම්මානයේ එකම පවුලක 18 දෙනකු මියගොස් ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

සටන් විරාමය ක්‍රියාත්මක කාලයේ දී පලස්තීන ජාතිකයෝ සිය නිවෙස්වලට සිදුවූ දෙය බැලීමට පැමිණ සිටි අතර ඊශ්‍රායල හමුදා දේශසීමා ආසන්න උමං මාර්ග පරීක්ෂාවේ යෙදී සිටි බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පෙරදින සවස සිය ගණනක් පලස්තීන ජාතිකයෝ පස්වරුවේ ඉස්ලාම් ආගමික යාඥාවලින් පසු නැගෙනහිර ජෙරුසෙලමේ සම්ප්‍රදායික උද්ඝෝෂණයක නිරතවී සිටියහ.

එම උද්ඝෝෂණය මැඩලීම සඳහා කැරළි මර්ධන පොලිස් නිලධාරීන් 1500ක් සූදානම් කැර තිබිණි. ලෝක නායකයෝ ප්‍රංශයට එක්ව සටන් නැවැත්වීමට ඇති මඟක් ගැන සාකච්ඡා පවත්වති.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සටන් විරාමය පැවති කාලයේ දී ද දෙපාර්ශවය ම සටන් විරාම ගිවිසුම් කඩකැර ඇති බවයි. අවස්ථා කිහිපයක් ම විශාල දුම් වලා අහසට නැගෙන අයුරු නිරීක්ෂණය කර ඇත.

article-2705315-1FFFF0F400000578-226_964x634 article-2705315-1FFFF99700000578-986_964x497 article-2706494-1FFFD40400000578-656_964x616 article-2706494-1FFFF3AF00000578-911_964x639 article-2706494-1FFFF54F00000578-449_964x677 article-2706494-2000A4A300000578-445_964x621 article-2706494-2000B70000000578-693_964x643 article-2706494-2000B98700000578-770_964x636 article-2706494-2000C7CE00000578-468_964x641 article-2706494-2000C76700000578-362_964x631 article-2706494-2000E98500000578-352_964x655 article-2706494-20005C3000000578-656_964x603 article-2706494-20006BB900000578-686_964x577 article-2706494-20006BBD00000578-794_964x609 article-2706494-20009E9200000578-932_964x667 article-2706494-20009ED500000578-834_964x643 article-2706494-200047AA00000578-148_964x610 article-2706494-200051ED00000578-462_964x643 article-2706494-200052A900000578-22_964x630 article-2706494-200059E600000578-174_964x505 article-2706494-200059EA00000578-820_964x549 article-2706494-200086A000000578-75_964x628 article-2706494-2000410D00000578-762_964x645 article-2706494-2000774F00000578-623_964x643 article-2706494-2000839F00000578-367_964x618 article-2706494-2000537500000578-101_964x643 article-2706494-2000841300000578-950_964x640