
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර හේතුවෙන්, ගාසා තීරයේ ජීවත් වන පලස්තීන දරුවන් 13,000 ක් මියගොස් ඇති බවත්, මේ වනවිට තවත් දරුවන් බොහෝ දෙනකු කුසට අහරක් නොමැතිව හාමතේ පසුවන බවත් යුනිසෙෆ් සංවිධානය පවසයි.
හාමතෙක් පසුවන දරුවන්ට, ආහාර ඉල්ලා හැඩීමට තරම්වත් ශක්තියක් නොමැති බවත්, එය ඉතාමත් ඛේදනීය තත්ත්වයක් බවත් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ප්‍රධානී කැතරීන් රසල් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd