
ගාසා තීරයේ උතුරු කොටසේ ජීවත් වන සියලු පලස්තීන වැසියන් ඉදිරි පැය 24 ක කාලය තුළ ගාසා තීරයේ දකුණු කොටසට යා යුතු බව ඊශ්‍රායලය රජය නියෝග කර තිබේ.
ගාසා තීරයේ උතුරු කොටසේ මිලියන 1.1ක පලස්තීනුවන් පිරිසක් ජීවත් වෙති. කෙටි කාලයක් තුළ ඔවුන්ට ගාසා තීරයේ දකුණු කොටසට යෑමට බල කිරීම මගින් මහා මානව ඛේදවාචකයක් නිර්මාණය වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය බිය පළ කර තිබේ.
ගාසා තීරයේ උතුරු කොටසේ පලස්තීනුවන් ඉවත්ල කිරීමට ඊශ්‍රායල රජය තීරණය කර ඇත්තේ ඔවුන් එම කොටසට එල්ල කරන ප්‍රහාර වැඩි කිරීමට තීරණය කර ඇති බැවිනි.
මේ අතර, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන අහිංසක පලස්තීන වැසියන්ට සහාය පළ කරමින් ඊශ්‍රායලයට විරෝධය දැක්වීමට එකමුතු වෙන්නැයි හමාස් සංවිධානයේ හිටපු නායක කාලිඞ් මෂාල්, ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
දිගින් දිගටම අසාධාරණයට ලක් වන පලස්තීන වැසියන් වෙනුවෙන් ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීමට එකමුතු වෙන්නැයි ද හිටපු නායක කාලිඞ් මෂාල් පලස්තීනයේ අසල්වැසි මුස්ලිම් රටවලින් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
මේ වනවිට කටාර් රාජ්‍යයේ සිටින හිටපු හමාස් නායක මෂාල්, හමාස් සංවිධානයේ විදෙස් ඩයස්පෝරා කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ඊශ්‍රායලයට එරෙහිව මුස්ලිම් වැසියන් එකමුතු කිරීමට කාලිඞ් මෂාල් කළ ප්‍රකාශය ඉස්ලාමීය ජිහාද් අන්තවාදීන්ට කළ ආරාධනාවක් යැයි විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාසා තීරයෙන් මිලියන 1.1 ක් ඉවත් කරන්න යයි