
ගාසා තීරයේ පාලනය, හමාස් සංවිධානයට සම්බන්ධ නොවන, වෙනත් පාර්ශ්වයකට ලබා දිය යුතු යැයි ඊශ්‍රායලය පවසයි.
මේ බව අවධාරණය කර ඇත්තේ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ය. ඒ, නේගේවි කාන්තාරයේ බීර් ෂේබා හමුදා මූලස්ථානයට ගොස් ඊශ්‍රායල හමුදා සෙබළුන් හමුවීමෙන් අනතුරුවය.
ඊශ්‍රායල හමුදා මේ වනවිට ගාසා තීරයට පහර දෙන්නේ, ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමීමේ අරමුණින්ය. හමාස් සංවිධානය ගාසා පලස්තීන වැසියන්ගේ ඡන්ද බලයෙන්, ගාසා තීරයේ පාලනය සියතට ගත්තේ 2007 වසරේදීය.
හමාස් සංවිධානය දේශාපලන අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විත වන අතර, පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන්නේත්, මේ වනවිට ඊශ්‍රායලය සමඟ අවි ගැටුම්වල නියැලෙන්නේත් හමාස් සන්නද්ධ අංශ සාමාජිකයන්ය.
‘හමාස් සංවිධානය මුලිනුපුටා දමන තුරු අප ප්‍රහාර නවත්වන්නේ නැහැ. ගාසා තීරයේ පාලනය වෙනත් පාර්ශ්වයකට හිමිවිය යුතුයි. ජාත්‍යන්තරයේ ද සහාය ඇතිව නව පාලනයක් ස්ථාපිත කිරීමට අප බලාපොරොත්තු වෙනවා’ යැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
14
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
117
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාසා තීරයට ඕනෑ හමාස් නොවන පාලනයක්