ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් මියගිය පලස්තීන සිවිල් වැසියන් ගණන මේ වනවිට 3,487 තෙක් ඉහළ ගොස් ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ඊශ්‍රායල හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීනුවන් ගණන 12,065 කි.
මියගිය පලස්තීන වැසියන්ගෙන් පමණක් නොව, තුවාල ලැබූ පලස්තීන වැසියන්ගෙන් ද සියයට 70 ක් දෙනා වැඩිහිටියන්, කාන්තාවන් සහ කුඩා දරුවන් බව පැවැසෙයි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ගේ පූර්ණ සහාය ඊශ්‍රායලයට හිමිවී ඇත.
ඊට අප්‍රසාදය පළ කරන පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් පවසා ඇත්තේ, ඇමෙරිකාව ඊශ්‍රායලයට සහාය දීමට ඉදිරිපත් වීම, අර්බුදය තවත් උත්සන්න වනු ඇති බවය.
ඊශ්‍රායලයට රිසි පරිදි ගාසා තීරයට පහර දීමට ඇමෙරිකාවේ අනුමැතිය හිමිවී ඇති බව එයින් තහවුරු වන බව ද පලස්තීන ජනාධිපති අබ්බාස් පවසා තිබේ.
(අල් ජසීරා)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ගාසා තීරයේ මරණ 3,487 ක්
Bunny Preena Thursday, 19 October 2023 08:49 AM
යුද ගිනි ඇවුලුවනවාට වඩා ලෝක නායකයින් කල යුත්තේ එම ගිනි නිවා දැමීමට සහ සාමය ස්තාපිත කිරිමට කටයුතු කිරීමයි. ඇමෙරිකානු ජනදිපතිවරයාගෙ ක්‍රියා කලාපය තවත් 9/11 වලට වඩා දරුනු විය හැකි ප්‍රහාරයකට ආරාදනා කිරීමක් වගෙයි.