ගාසාතීරයේදීය (රොයිටර්)
ගාසා තීරයේ ඊශ්‍රායල හා ඊජිප්තු දේශසීමාවල පාලන කටයුතු පලස්තීන පාලනාධිකාරියට ලබාදීමට ඉස්ලාමීය සංවිධානයක් වන හමාස් සංවිධානය කටයුතු කර ඇතැයි වාර්තා වේ.
හමාස් සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ එම සංවිධානය සහ ෆාටා සංවිධානය අතර ඉකුත් දා අත්සන් තබන ලද ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසය.
දශක ගණනාවක් තිස්සේ පැවැති අභ්‍යන්තර අසමගිය නැවතීමේ අරමුණින් ඊජිප්තුවේ මැදිහත් වීමෙන් හමාස් හා ෆාටා සංවිධානය අතර අදාළ ගිවිසුමට අත්සන් තබන ලදි.
ගාසා තීරය හා ඊශ්‍රායලය සම්බන්ධ වන එරෙස් හා කෙරෙම් ෂලෝම් දේශ සීමාවෙන් සහ ගාසා තීරය සහ ඊජිප්තුව අතර දේශසීමාව වන රාෆා වෙතින් හමාස් සංවිධානයේ සාමාජිකයන් ඉවත් වී ඇති අතර ඒ වෙනුවෙට පලස්තීන අධිකාරියේ සේවකයන් ඒ වෙත පැමිණෙමින් සිටින බව ද වාර්තා විය.
(055)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලේ ගඟ නවතීවිද දැන්වත්?